×

චීනයේ පළාත් කිහිපයකට ගංවතුර බලපෑම්

චීනය දැනට ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචකයා වන අතර ගෝලීය උණුසුම සඳහා දායක වන සියලුම විමෝචනවලින් හතරෙන් එකකට පමණ වගකිව යුතුය.


චීනයට බලපා ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකටම ගංවතුර බලපෑම් ඇතිව ඇති බව වාර්තා වේ.

චීනයේ නිරිතදිග චොංකිං ප්‍රදේශය, මධ්‍යම හුනාන් පළාත මෙන්ම Liaoning, Jilin සහ Heilongjiang ආදී පළාත් මෙලෙස ගංවතුර තර්ජනයට ලක්ව ඇත.

චීනයේ කාලගුණ විද්‍යාඥයන් විසින් මෙම මාසයේදී ගංවතුර, දරුණු සංවහන කාලගුණය, සුළි සුළං සහ අධික උෂ්ණත්වය ඇතුළු බහුවිධ ස්වභාවික ආපදාවන්ගේ බලපෑම ඉහළයන බවට කරන ලද අනතුරු ඇඟවීම හේතුවෙන් පසුගියදා මධ්‍යම හුනාන් පළාතේ නිවාසවලින් 10,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවන ලදි. එහි මේ වන විට ගංවතුර හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර එහි ඇස්තමේන්තු ගත කර ඇති මූලික හානිය මිලියන 80කි.

චීනය දැනට ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචකයා වන අතර ගෝලීය උණුසුම සඳහා දායක වන සියලුම විමෝචනවලින් හතරෙන් එකකට පමණ වගකිව යුතුය. 2030වන විට චීනයේ විමෝචනය උපරිම වන බවත් 2060 වන විට එය කාබන් උදාසීන තත්වයට පත්කරන බවටත් විද්‍යාඥයන් අනාවැකි පලකර තිබේ.

සශිකලා මධෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි