×

intel, AMD සමඟ තරඟ කිරීමට චීනය සූදානම් වෙයි!

මෙතෙක් කාලයක් intel සහ AMD සමාගම් සතුව වෙළඳ ඒකාධිකරයක්ව පැවති පරිගණක CPU අතරට චීනය තමන්ගේම CPU නිකුත් කිරීමට සැරසේ.


මෙතෙක් කාලයක් intel සහ AMD සමාගම් සතුව වෙළඳ ඒකාධිකරයක්ව පැවති පරිගණක CPU අතරට චීනය තමන්ගේම CPU නිකුත් කිරීමට සැරසේ. ඔවුන්ගේ අරමුණ වනුයේ ඉදිරි වසර 3 තුල චීනයේ රාජ්‍ය ආයතන වල භාවිතයට ගැනෙන සියලුම පරිගණක වල ඔවුන්ගේම මෘදුකාංග සහ දෘඩාංග පමණක් යොදාගැනීමයි.

චීනයේ Shanghai Zhaoxin Semiconductor Group සමගම විසින් 2020 වන විට 7nm CPU එකක් නිෂ්පාදනය කර වෙළදපලට නිකුත් කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවට තොරතුරු හෙළිවේ.

මෙම සමාගම විසින් 2019 වසරේ ජුනි 20 දින KX-6000 නමින් ඔවුන්ගේ රටෙහි නිෂ්පාදනය කර ඇති ප්‍රථම ඉහල ක්‍රියාකාරීත්වයකින් යුත් 3.0GHz 16nm CPU එක නිකුත් කිරීමට සමත් විය. intel core i5-7400 CPU හි ක්‍රියාකාරිත්වය ට සමාන මෙහි විශේෂත්වය වනුයේ ඉතා අඩු බලයක් මගින් ක්‍රියාකරවීමට හැකිවීමයි.

2020 දී එළිදැක්වීමට නියමිත CPU එක ඔවුන් නම් කර ඇත්තේ KX -7000 ලෙසයි. මෙය intel හෝ AMD සමාගම් මේ වන විටත් නිපදවා නොමැති 7nm තාක්ෂණයෙන් යුක්ත වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

දැනට හෙලිවී ඇති තොරතුරු වලට අනුව මෙම CPU එක නිපදවා ඇත්තේ IGPU(integrated graphics processing unit) සමන්විත හා DirectX 12 support එනම් නවීනතම graphics තාක්ෂණයන්ට අනුකුලවය.

විවිධ සම්බාදක හමුවේ ඉදිරියට යන රටක් ලෙස චීනය ගෙන ඇති මේ පියවර පරිගණක නිෂ්පාදන සමාගම් වලට පමණක් බලපාන කරුණක් නොවේ. මන්ද යත් ඔවුන් ඔවුන්ගේ පරිගණක ක්‍රියාකරවීමට ඔවුන්ගේම මෙහෙයුම් පද්ධති නිසැකවම නිර්මාණය කරන නිසාවෙනි.

එය Microsoft, Apple වැනි සමාගම් වලට කරට කර තරග කල හැකි අන්දමේ නිෂ්පාදනයක් වූවහොත් ජංගම දුරකථන වෙළදපොල ආක්‍රමණය කල සේම පරිගණක වෙලදපොලද ඔවුන් යටතට ගැනීමට ඔවුනට හැකි වනු නොඅනුමානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි