×

වියට්නාමයෙන් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා කෙරේ.

හැනොයිහිදී, දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥ Nguyen Ngoc Huy AFP වෙත පවසා තිබුණේ කාලගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වියට්නාමයේ තත්වය පිළිබඳව කනස්සල්ලට පත්වන බවයි.


වියට්නාමයෙන් උතුරු පළාතේ Thanh Hoa හි මෙතෙක් වාර්තා වන ලද ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 (111F) ක් ලෙස වාර්තාව ඇති බව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂඥයන් සඳහන් කර තිබුණේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙම තත්වය ඇතිවනු ඇති බවයි. නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ උෂ්ණාධීක දිනවල ගෘහස්ථව රැඳී සිටින ලෙසයි.
හැනොයිහිදී, දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥ Nguyen Ngoc Huy AFP වෙත පවසා තිබුණේ කාලගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වියට්නාමයේ තත්වය පිළිබඳව කනස්සල්ලට පත්වන බවයි.

මීට අමතරව කලාපයේ අනෙකුත් රටවල් ද දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දී ඇති අතර තායිලන්තය එහි බටහිර මැක් පළාතේ වාර්තාගත 44.6Cක් වාර්තා කර ඇති අතර මියන්මාරයේද දශකයකට පසු ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 43.8ක් ලෙස වාර්තා කර තිබේ.

මීට අමතරව බටහිරින්, බංග්ලාදේශයේ අගනුවර වන ඩකා 1960 ගණන්වල සිට එහි ඉහළම උෂ්ණත්වය වාර්තා කළ අතර ඉන්දීය බලධාරීන් පැවසුවේ රටේ සමහර ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමට වඩා අංශක තුනක් හෝ හතරක් වැඩි උෂ්ණත්වයක් අත්විඳින බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි