×

කොකාකෝලා, මරිජුවානා වෙත නැඹුරු වෙයි.

කොකාකෝලා සමාගම මේ වන විට කැනබීස් එහෙමත් නැතිනම්, කංසා/ගංජා/මරිජුවානා තමන්ගේ ලෝක ප්‍රකට පානය සමග මුසු කිරීම ගැන සලකා බලමින් සිටිනවා.


BNN Bloomberg Television හි පළ වූ එක් වීඩියෝ වාර්තාවකට අනුව කොකාකෝලා සමාගම මේ වන විට කැනඩාවේ Aurora Cannabis සමාගම සමග මේ සම්බන්ධ මූලික කතා බහක නිරත වෙමින් සිටින්නේ. CBD එහෙමත් නැතිනම්, මරිජුවානාවල තිබෙන non-psychoactive සංයෝගයක් කොකාකෝලා පානයට මුසු කිරීමේ ව්‍යාපාරික සැලසුමක් ඔවුන් සතුව තිබෙනවා. එයට හේතුව, මේ වන විට මරිජුවානාවල තිබෙන වෛද්‍යමය ගුණය, ලෝකයේ රටවල් ගණනාවක් විසින් පිළිගෙන තිබීම. එසේ පිළිගත් රටවල් අතරට ලංකාවත් මෑත කාලයේ එකතු වුණා.

මරිජුවානාවල තිබෙන CBD සංයෝගය වේදනාව, ප්‍රදාහය සහ කාංසාවට අත්දුටු ප්‍රතිකර්මයක් බව මේ වන විට ඔප්පු වී හමාරයි. නමුත් ඒ සඳහා නියමිත මාත්‍රාවෙන් පමණක් මෙම සංයෝගය මුසු කළ යුතුයි. එසේත් නැතිනම් අධික මත්වීම සහ ඇබ්බැහි වීම සිදුවෙන්නට පුළුවන්.

කැනඩාවේ අවුරෝරා කැනබීස් සමාගම කියන්නේ කැනඩාවේ තුන්වැනියට විශාලතම මරිජුවානා නිෂ්පාදකයායි. ඔවුන්ගේ ව්‍යාපාරයේ වෙළඳපොළ වටිනාකම කැනේඩියානු ඩොලර් බිලියන 8.7 ක්.

කොකාකෝලා බ්‍රෑන්ඩ් එක ඉදිරියේදී මේ අනුව කැනබීස් බ්‍රෑන්ඩ් එකක් බවට පත්වුවහොත් Constellation Brands Inc. (brewer of Corona beer), Molson Coors Brewing Co., Lagunitas සහ Diageo PLC යන ප්‍රධාන පෙළේ සමාගම් කිහිපය, තමනුත් කැනබීස් ආශ්‍රිත පාන නිපදවන්නට ලැහැස්ති බව දැනටමත් කියා තිබෙනවා.

අතීතයේ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතරට පමණක් සීමා වූ කැනබීස්වලට කංසා, ගංජා යනාදී ප්‍රභේද ගණනාවක් අඩංගුයි. ඇමරිකාව වැනි රටවල් කැනබීස්වල තිබෙන ඖෂධීය ගුණය තේරුම් ගත්තේ මෙයට දශක ගණනකට පෙර. ඔවුන් නියමිත මාත්‍රාවෙන් ඖෂධ වශයෙන් යොදාගන්නා කැනබීස් හඳුන්වන්නේ ‘මෙඩිකල් මරිජුවානා‘ කියලයි. කොහොම වුණත්, කොකාකෝලා වගේ ලෝකය පිළිගත්ත බ්‍රෑන්ඩ් එකක්, කැනබීස් මාකට් එක වෙත නැඹුරු වීමෙන් අපට ලෝකය යන අත පෙන්වා දෙනවා.

පෙර ලිපි-

දකුණු අප්‍රිකානු අධිකරණය කංසා භාවිතය නීතිගත කරයි

නවසීලන්තයේ කෘතිම කංසා නිසා ජීවිත හානි ඉහළට. කංසා නීතිගත කිරීම කඩිනම් කෙරේ.

කැනඩාවේ කංසා භාවිතය නීතිගත කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි