×

කොලොම්බියානු ගුවන් අනතුරින් දින 40කට පසු ළමුන් 4දෙනෙකු සොයා ගැනේ

සම්බන්ධයෙන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් ටුවිටර්හි සඳහන් කර තිබුණේ, කොළොම්බියානු වනයේ අතරමංව සිටි දරුවන් බේරාගත් බවත්, එය මුළු රටටම සතුටක් බවත්ය.


සෙස්නා 206 දරණ ගුවන් යානය මැයි 1වන දා අලුයම එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මැයි දින අනතුරු ඇඟවීමක් නිකුත් කරන විට ඇමසෝනාස් පළාතේ අරකුවාරා සහ ගුවාවියර් පළාතේ සැන් ජෝස් ඩෙල් ගුවියරේ අතර මාර්ගයක මිනිසුන් හත් දෙනෙකු රැගෙන යමින් සිටියේය. අනතුරුව ගුවන් යානය අනතුරට ලක්වීමත් සමඟ ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනෙකු මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු ගුවන් යානය තුළ තිබී සොයා ගන්නා ලදී.


මෙම අනතුරින් යානයේ ගමන්ගත් අවුරුදු 13, 9 සහ 4 යන වයස්වල පසුවන දරුවන් මෙන්ම දැනට මාස 12 ක් වයසැති බිළිඳෙකු ද බලපෑමෙන් දිවි ගලවා ගෙන ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූලික තොරතුරුවලට අනුව රොයිටර් පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තාකර තිබුණේ ළමයින් සුන්බුන්වලින් බේරී වැසි වනාන්තරයට ගොස් උපකාර සොයා ගෙන ඇති බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කොලොම්බියාවේ හමුදාවේ සහ ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් මෙන්ම ආදිවාසී ප්‍රජාවන්ද සහභාගී වී ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් ටුවිටර්හි සඳහන් කර තිබුණේ, කොළොම්බියානු වනයේ අතරමංව සිටි දරුවන් බේරාගත් බවත්, එය මුළු රටටම සතුටක් බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි