×

මීතේන් විමෝචනය කප්පාදු කිරීමේ සැලැස්මක් පිළිබඳ ජෝ බයිඩන් COP27 හිදී ප්‍රතිඥා දෙයි

බයිඩන් මෙහිදී තහවුරු කරනු ලැබුවේ ඇමරිකාව ග්‍රහලෝක උණුසුම් කිරීමේ විමෝචනය කපා හැරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.


ලෝකයේ ආර්ථික සුපිරි බලවතා සහ ඉතිහාසයේ විශාලතම කාබන් දූෂණය විමෝචකයා වන ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන්, ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(11)දිනයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව(cop27) අමතමින් ප්‍රතිඥා දී තිබුණේ, තෙල් හා ගෑස් කැණීමේ මෙහෙයුම්, ගෑස් දහනය සහ කෘෂිකර්මාන්තයෙන් නිතිපතා කාන්දු වන ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් අඩු කිරීමේ සැලැස්මක් ඇමරිකාවෙහි ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම දශකය අවසන් වන විට අපට ප්‍රගතියක් ලැබිය යුතු බව ප්‍රකාශ කළ බයිඩන් මෙහිදී තහවුරු කරනු ලැබුවේ ඇමරිකාව ග්‍රහලෝක උණුසුම් කිරීමේ විමෝචනය කපා හැරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

මීතේන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තරම් දිගු කාලයක් නොපවතින නමුත් එය විමෝචනය වීමෙන් පසු වසර 20 ක් තුළ සාමාන්‍යයෙන් 80 ගුණයකින් වැඩි තාපයක් රඳවා ගනී. එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සියට අනුව, 2005 මට්ටමට සාපේක්ෂව 2030 වන විට මීතේන් විමෝචනය 87% කින් අඩු කිරීමට අලුතින් ශක්තිමත් කරන ලද ප්‍රමිතීන් උපකාරී වනු ඇත. ඒ වෙනුවෙන් නව නීති පනවා ඇත.

දේශගුණික අර්බුදයට එරෙහි සටනේදී ලෝකය මේ වන විට තීරණාත්මක මොහොතකට මුහුණ දී ඇති බැවින් බයිඩන් විසින් නව ව්‍යාපෘත් සැළසුම් කිහිපයක් පිළිබඳව මෙහිදී සඳහන් කළ අතර එක්සත් ජනපදයේ මීතේන් විමෝචනය කප්පාදු කිරීමේ සැලැස්මට අමතරව අප්‍රිකාවේ ආන්තික කාලගුණික විපත් සඳහා නව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහය දැක්වීම සහ ඊජිප්තුවේ නව සූර්ය හා සුළං ව්‍යාපෘති සඳහා ආධාර කිරීමේ ගනුදෙනුව ඇතුළු නව පියවර ගණනාවක් මෙහිදී ප්‍රකාශයට පත්විය.

සමුළුව අමතමින් සිටියදී දේශගුණික විරෝධතාකරුවන්ගේ කුඩා කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයාට කෙටියෙන් බාධාවක් කළ මුත්, අවසාන වශයෙන් බයිඩන් අනෙකුත් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේ දේශගුණික හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට වැඩි යමක් කරන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි