×

චීනය Covid-19 පිළිබඳ දත්ත හෙළිකළ යුතුයි- ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් පවසන්නේ රෝහල්ගතවීම් පිළිබඳ තොරතුරු, දැඩි සත්කාර ඒකක ඇතුළත් කිරීම් සහ මරණ පිළිබඳ දත්ත මෙන්ම එන්නත්කරණය පිළිබඳ තොරතුරු අනාවරණය විය යුතු බවයි.


චීනයේ අසාමාන්‍ය ලෙස Covid-19 ආසාධිතයන් වැඩි වීමත්, විදේශිකයන්ට නිරෝධායනය වැලැක්වීමත්, චීන ජනතාවට රිසි සේ විදෙස්ගත වීමට අවසර ලබාදීම ආදි රටේ දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කිරීමත් සමඟ කොවිඩ් පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු හෙළි දරවු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) චීනයට අනතුරු අඟවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් පවසන්නේ රෝහල්ගතවීම් පිළිබඳ තොරතුරු, දැඩි සත්කාර ඒකක ඇතුළත් කිරීම් සහ මරණ පිළිබඳ දත්ත මෙන්ම එන්නත්කරණය පිළිබඳ තොරතුරු අනාවරණය විය යුතු බවයි. එමෙන්ම නිවැරදි අවදානම් තත්වයන් තක්සේරු කිරීම හා කාලානුරූපී දත්ත ප්‍රකාශ කිරීම මඟින් චීනයට මෙන්ම ලෝක ප්‍රජාවටම සහය දැකිවීමට තමන් සූදානම් බව මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.


චීනය සිය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියත් සමඟ දැඩි පාලනයක්, පරිමාණ පරීක්ෂණ මෙන්ම නිරන්තර අඟුලුලෑම් කරගෙන ගිය අතර ඊට එරෙහිව රට පුරා ඇරඹි විරෝධතා, රාජ්‍ය විරෝධී ස්වරූපයක් ගැනීමත් සමඟ කොවිඩ් සම්බන්ද බොහෝ නීති රීතීන් ලිහිල් කෙරිණ. එමෙන්ම කොවිඩ් ආසාදනය වීම් හා මරණ සම්බන්ධයෙන් නිල වාර්තා ඉදිරිපත් නොකරණ ලදි. කෙසේ නමුත් එක්සත් රාජධානියේ සෞඛ්‍ය දත්ත සමාගමක් වන එයාර්ෆිනිටි පැවසුවේ චීනයේ පුද්ගලයින් 9,000 ක් පමණ මෙම රෝගයෙන් දිනකට මිය යන බවයි.

මේ වන විට එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය යන රටවල් සියල්ලම චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පනවා ඇති අතර, ඔවුන් වෛරසය යළිත් ව්‍යාප්ත වේ යැයි බියෙන් සිටිති.

සශිකලා මධුෂාණී_

සබැඳි පුවත් :  චීනයේ දිනකට කොවිඩ් ආසාදිතයන් මිලියනයක් හා මරණ 5000ක් ඉක්මවයි ?

චීනයේ දිනකට කොවිඩ් ආසාදිතයන් මිලියනයක් හා මරණ 5000ක් ඉක්මවයි ?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි