×

ඩිජිටල් ලෝකයේ කාන්තාවන්ට ඇති ඉඩකඩ ඇහිරී ඇති බව යුන්සෙෆ් වාර්තාවක් පෙන්වා දෙයි

මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ අන්තර්ජාල ප්‍රවේශයේ ඇති පුළුල් විෂමතාවය හේතුවෙන් කාන්තාව ආර්ථික වශයෙන් පසුපසට යාමේ බරපතල අවදානමක් ඇති බවයි.


යුන්සෙෆ් ආයතනය විසින් ඊයේ(26)දිනයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලෝකයේ දුප්පත්ම රටවල තරුණියන් සහ නව යොවුන් වියේ ගැහැණු ළමයින් 10 දෙනෙකුගෙන් නව දෙනෙකුට අන්තර්ජාලයට ප්‍රවේශය නොමැති බව අවධාරණය කර තිබේ.

මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබුණේ අන්තර්ජාල ප්‍රවේශයේ ඇති පුළුල් විෂමතාවය හේතුවෙන් කාන්තාව ආර්ථික වශයෙන් පසුපසට යාමේ බරපතල අවදානමක් ඇති බවයි.

මෙම වාර්තා ව අඩු ආදායම්ලාභී රටවල් 54 ක දත්ත භාවිතා කරමින් කර ඇති අතර එයට අනුව 15-24 අතර නව යොවුන් වියේ ගැහැණු ළමයින් සහ තරුණියන් මිලියන 65ක් පමණ පිරිසකට අන්තර්ජාල පහසුකම් නොමැති අතර ඔවුන්ට ඩිජිටල් ලෝකය වසාදමා ඇත.

ඩිජිටල් කුසලතා වල වැදගත්කම පිළිබඳව සඳහන් කළ යුනිසෙෆ් අධ්‍යාපන අධ්‍යක්ෂ රොබට් ජෙන්කින්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, අපට ශ්‍රම වෙළඳපොලේ, විශේෂයෙන් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රවල ස්ත්‍රී පුරුෂ පරතරයන් විසඳීමට අවශ්‍ය නම්, අපි දැන් පටන් ගත යුත්තේ තරුණයින්ට, විශේෂයෙන් ගැහැණු ළමයින්ට ඩිජිටල් කුසලතා ලබා ගැනීමට උපකාර කිරීමෙන් බවයි. මෙමඟින් නවෝත්පාදකයින්, නිර්මාණකරුවන් සහ නායකයින් වීමට ගැහැණු ළමයින් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි