×

ට්‍රම්ප්පච්චිට ඔන්න අධිචෝදනා!

ට්‍රම්ප්පච්චිට ඔන්න අධිචෝදනා!


2016 වසරෙහි ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය දර්ශනයන්හි නියැළෙන තරුවකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙලෙස චෝදනා එල්ල වී ඇත.

නමුත් ඔහුට එරෙහි නඩුවේ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ට්‍රම්ප්, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල සිටින ස්ටෝමි ඩැනියෙල්ස් හටඩොලර් 130,000ක ගෙවීමක් සිදුකිරීම පිළිබඳව විමර්ශනය කිරීමට කටයුතු සූදානම්ව පවතී.

76 හැවිරිදි හිටපු ජනපති ට්‍රම්ප් මෙම වැරදි ක්‍රියා ප්‍රතික්ෂේප කල ද ඔහු මෙලෙස අපරාධ චෝදනාවකට මුහුණ දුන් පළමු ජනාධිපතිවරයා ද වේ.

හිටපු ජනපති ට්‍රම්ප්ට එල්ල වූ චෝදනා මත සිදුකළ විමර්ශන සඳහා ඔහුගේ නීතිඥයා සම්බන්ධ කර ගත් බව ද විමර්ශනය සිදු කරගෙන යන මෑන්හැට්න් දිස්ත්‍රික් නීතීඥ ඇල්වින් බ්‍රැග්ගේ කාර්යාලය පවසයි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි