×

වසර 55 කට පසු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

වසර 55 ක නොබෙල් සම්මාන ඉතිහාසයේ ප්‍රථම වතාවට 2018 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය කාන්තාවක විසින් දිනාගෙන තිබේ.


ඇය, කැනඩාවේ ඩොනා ස්ට්‍රික්ලන්ඩ් (Donna Strickland) ය.

BBC

BBC

1903 වසරේ මාරි කියුරි සහ 1963 වසරේ මරියා ගොයෙපටට් මේයර් විසින් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගැනීමෙන් පසු, ඇය මෙම ගෞරවය දිනා තිබේ. මේ අනුව නොබෙල් ත්‍යාග ඉතිහාසයේ භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් ‘පිරිමින් පැරදවූ“ තුන්වැනි ගැහැණිය ඇයයි.

එසේම ආචාර්ය ඩොනා ස්ට්‍රික්ලන්ඩ් විසින් සිය ත්‍යාගය ඇමරිකාවේ ආතර් අෂ්කින් (Arthur Ashkin) සහ ප්‍රංශයේ ජෙරාඩ් මොයුරෝ (Gerard Mourou) සමග බෙදා ගැනීමට නියමිත වන්නේ මෙම ත්‍යාගය ඔවුන් තිදෙනා අතර සමව බෙදී යන හෙයිනි.

BBC

BBC

ඔවුන් තිදෙනාම ලේසර් භෞතික විද්‍යාව (laser physics) පිළිබඳ අතිශය වැදගත් සොයාගැනීමක් කළ අය වෙති.

ආචාර්ය අෂ්කින් මෙම ගෞරවයට පාත්‍ර වන්නේ ජීව විද්‍යාත්මක පද්ධති අධ්‍යයනය කිරීම සඳහා යොදාගන්නා optical tweezers නමැති නවතම තාක්ෂණය සොයාගැනීම වෙනුවෙනි.

මේ අතර ආචාර්ය මොයුරෝ සහ ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් එදා මෙදාතුර මානවයා විසින් සොයාගත් කෙටිම සහ තීව්‍රම ලේසර් ස්ඵන්දය නිර්මාණය කර තිබේ. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද ක්‍රමවේදය හැඳින්වෙන්නේ Chirped Pulse Amplification (CPA) යනුවෙනි. පිළිකාව ඉලක්ක කරගත් ලේසර් චිකිත්සාව සඳහා එය යොදාගත හැකි අතර, වසරකට ලොව පුරා සිදුකරන මිලියන ගණනක් වන ලේසර් අක්ෂි සැත්කම්වල නිවැරදි භාවය තීව්‍ර කිරීම සඳහා ද එම තාක්ෂණය යොදාගත හැකිය.

බීබීසී පුවත්සේවය වෙත අදහස් පළ කරමින් ආචාර්ය ස්ට්‍රික්ලන්ඩ් ප්‍රකාශ කළේ, මේ තරම් කාලයක් කාන්තාවක් විසින් මෙම ත්‍යාගය දිනාගැනීමට අසමත් වීම පුදුමයට කාරණයක් බවයි. කෙසේ නමුත් තමන්ට මෙම ක්ෂේත්‍රය තුළ හැමවිටම සම සැලකීම් ලැබුණු බවත් ඇය ප්‍රකාශ කළාය.

නොබෙල් කමිටුව විසින් ඇගේ මෙම ජයග්‍රහණය නිවේදනය කරන්නේ ජිනීවා හි සර්න් භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ කථිකාචාර්යවරයෙකු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට දින කිහිපයකට පසුව වීම ද කැපී පෙනේ. ‘‘භෞතික විද්‍යාව පිරිමින් විසින් ගොඩ නැගූවක්‘‘ බව (“built by men”)ත්, එම පිරිමි විද්‍යාඥයන් ට නොසලකා හැරීම්වලට ලක් වීමට සිදුව තිබෙන බවත් එම භෞතික විද්‍යාඥයා කියා තිබූ අතර, මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙසට ඔහුව සර්න් පර්යේෂණායතනයෙන් වැඩ තහනමකට ද ලක් කර තිබේ.

එය ‘මෝඩ‘ ප්‍රකාශයක් බවත්, තමන් එවැනි දේ ‘පුද්ගලිකව භාර නොගන්නා බව‘ත් ආචාර්ය ස්ට්‍රික්ලන්ඩ් ප්‍රකාශ කළාය.

මෙයට වසර 55කට පෙර භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් කාන්තාව වන ඇමරිකානු විද්‍යාඥවරිය – මරියා ගොයපෙට් -මේයර් එය දිනාගත්තේ පරමාණුක න්‍යෂ්ටිය සම්බන්ධයෙන් කළ පර්යේෂණ සඳහා ය.

මේ අතර, 1903 වසරේ විකිරණශීලීතාවය සම්බන්ධයෙන් කළ පර්යේෂණය සඳහා භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් පෝලන්ත ජාතික මාරි කියුරි, එම ත්‍යාගය සිය සැමියා වන පියරේ කියුරි (Pierre Curie) සහ ඇන්ටොයින් හෙන්රි බෙකාරෙල් (Antoine Henri Becquerel) සමග බෙදා ගත්තාය.

භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයේ වටිනාකම ස්වීඩන් ක්‍රෝන මිලියන 9 කි.

එහි වටිනාකම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයකට ((£770,686; $998,618)) ආසන්න ය.

ගතවූ වර්ෂ 5 ක කාලය තුළ භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කර තිබෙන්නේ පහත සොයාගැනීම් සඳහා ය. 

2017 – Rainer Weiss, Kip Thorne and Barry Barish earned the award for the detection of gravitational waves.

2016 – David Thouless, Duncan Haldane and Michael Kosterlitz shared the award for their work on rare phases of matter.

2015 – Takaaki Kajita and Arthur McDonald were awarded the prize the discovery that neutrinos switch between different “flavours”.

2014 – Isamu Akasaki, Hiroshi Amano and Shuji Nakamura won the physics Nobel for developing the first blue light-emitting diodes (LEDs).

2013 – Francois Englert and Peter Higgs shared the spoils for formulating the theory of the Higgs boson particle.

2012 – Serge Haroche and David J Wineland were awarded the prize for their work with light and matter.

මූලාශ්‍රය – BBC

පෙර ලිපි-

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිකා පර්යේෂකයන් දෙදෙනෙකුට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි