×

යේමනයේ රාමසාන් උත්සවයක් අතරතුර තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 80 දෙනෙකු මරුට

100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 13 දෙනෙකු අසාධ්‍යතත්වයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය නිමිත්තෙන් පුණ්‍යාධාර බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 80 දෙනෙකු මිය ගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 13 දෙනෙකු අසාධ්‍යතත්වයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රාමසාන් උත්සවයට සමගාමීව එක් පුදුගලයෙකු වෙනුවෙන් ඩොලර් 9 ක පරිත්‍යාග මෙහිදී ලබා දී ඇති අතර200කට අධික පිරිසක් ඒවා ලබා ගැනීම වෙනුවෙන් පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ නගරය පාලනය කරන හූති සටන්කාමීන් සමූහයා පාලනය කිරීමට උත්සාහ කිරීමේදී අහසට වෙඩි තැබූ බවත් එය විදුලි රැහැනකට වැදී පිපිරීමක් සිදු වීමත් සමඟ ඇති වූ තදබදය හේතුවෙන් මෙම මරණ සිදු වන්නට ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි