×

ටුවිටර් වේදිකාවෙන් කුරුල්ලන් ඉගිලී යාමට ආසන්නය

මස්ක් පසුගිය ඔක්තෝබරයේදී ඩොලර් බිලියන 44ක් ගෙවමින් ටුවිටර් වේදිකාව පවරා ගැනීමත් සමඟ වෙබ් අඩවිය තුළ විවිධ ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.


එලොන් මස්ක් අද(23)දින සිය නිල ටුවිටර් ගිනුමේ සඳහන් කර තිබුණේ ටුවිටර්හි ලාංඡනය “X” ලෙස යොදා ගැනීමට නියමිත හෙයින් සියලුම කුරුල්ලන් වේදිකාවෙන් අතුරුදන්ව යනු ඇති බවයි.

මස්ක් පසුගිය ඔක්තෝබරයේදී ඩොලර් බිලියන 44ක් ගෙවමින් ටුවිටර් වේදිකාව පවරා ගැනීමත් සමඟ වෙබ් අඩවිය තුළ විවිධ ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

එහිදී දැඩිලෙස සේවා කප්පාදු කිරීම් හා අසාදු ලෙඛණගතව සිටි විවිධ පුද්ගලයන් වෙත නැවත වෙිදිකාව තනා දෙමින් මතභේදාත්මක ප්‍රතිපත්ති රැසක් ගෙන එමින් ඔහුගේ විකාර සහ විකේන්ද්‍රීය ප්‍රකාශ සඳහා ටුවිටර් සිරස්තල මවන මාධ්‍යක් බවට පත්කර ගනු ලැබීය.

මස්ක් මේවන විට ටුවිටර් වේදිකාව බංකොලොත්වීමේ අවධානම පිළිබඳව නැවත නැවත අනතුරු අඟවා ඇති අතර මේවන විට එහි වෙළඳ ප්‍රචාරණ ආදායම 50% කින් පහත වැටී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි