×

ප්‍රචණ්ඩත්වය වැපිරීම හා උසිගැන්වීම සම්බන්ධයෙන් මස්ක් කන්යේ වෙස්ට්ගේ ටුවිටර් ගිණුම අත්හිටුවයි.

එලොයින් මස්ක් ටුවිට්හි සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම මඟින් ටුවිට්හි නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වෙස්ට්ගේ ගිණුම අත්හිටුවන බවයි.


යේ’ නමින් හඳුන්වන එක්සත් ජනපද රැප් ගායක කන්යේ වෙස්ට් සිය ටුවිටර් ගිණුම හරහා යුදෙව් විරෝධී සහ ජාතිවාදී ප්‍රකාශ මාලාවක් ඉදිර්පත් කිරීමත්, තාරකාව සමඟ ඒකාබද්ධ වූ ස්වස්තිකයක පින්තූරයක් ට්වීට් කිරීමත් හේතුවෙන්, ප්‍රචණ්ඩත්වය අවුළුවාලීම හේතුවෙන් එලොයින් මස්ක් විසින් ඔහුගේ ගිණුම මාස දෙකකට වසා දමා ඇති බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් එලොයින් මස්ක් ටුවිට්හි සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම මඟින් ටුවිට්හි නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වෙස්ට්ගේ ගිණුම අත්හිටුවන බවයි.


වෙස්ට් විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යුදෙව් විරෝධී පණිවිඩ පළ කිරීමෙන් පසු වෙස්ට් මුලින් ඔහුගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වලින් අගුලු දැමීම් වලට ලක් වූ අතර මෙම වසර මුලදී, විකට නළු ට්‍රෙවර් නෝවා සම්බන්ධයෙන් වාර්ගික අපවාදයක් භාවිතා කිරීමෙන් පසු මාර්තු මාසයේදී වෙස්ට් ඉන්ස්ටග්‍රෑම් පැය 24කට අත්හිටුවන ලදී.


පසුගිය බ්‍රහස්පතින්දා ඇලෙක්ස් ජෝන්ස් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී වෙස්ට් පාපය, අසභ්‍ය දර්ශන සහ යක්ෂයන් ගැන සාකච්ඡා කළ අතර එහිදී ඔහු බටහිර නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රශංසා කර තිබේ. මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හොලොකෝස්ට් අධ්‍යාපනික භාරයේ ප්‍රධානියා වෙස්ට්ගේ ප්‍රකාශ විස්තර කළේ පිළිකුල් සහගත ව්‍යාකූල තත්වයක් බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වෙස්ට්ගේ මෙම අදහස් ඔහුගේ අනුගාමිකයින් සමඟ මිශ්‍ර වීම භයානක ප්‍රතිවිපාක ගෙන එන බවයි.


වෙස්ට්ගේ මතවාදයන් හේතුවේන ව්‍යාපාරික ගනුදෙනු පවා ඔහුට අහිමිවී ඇති අතර ඔහු සමඟ සම්බන්ධව කටයුතු කළ ලෝකයේ ප්‍රධාන පෙලේ සන්නාම වන ඇඩීඩාස් පවා එම සමබඳතා නවතා දමා ඇති අතර, වෙස්ට් වසර ගණනාවකට පෙර බයිපෝල අක්‍රමිකතාවයෙන් පෙළෙන බවටද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි