×

සිංගප්පූරුවේ සිට මැලේසියාවට විදේශිකයන් මාරුවෙමින් ඇත.

2023 වසරේ ECA ජාත්‍යන්තර ස්ථාන ශ්‍රේණිගත කිරීම් සමීක්ෂණයට අනුව නැගෙනහිර ආසියාවේ විදේශිකයන් සඳහා වඩාත්ම ජීවත්විය හැකි ස්ථානය ලෙස ද හඳුනාගෙන තිබේ.


කොවිඩ්-19 වසංගතයෙන් අනතුරුව සිංගප්පූරුවේ යළි පිබිදෙන ආර්ථිකය තුළ කුලී සහ ජීවන වියදම් තියුනු ලෙස ඉහළ යාම හේතුවෙන් සිංගප්පූරුවෙන් මිල අඩු අග්නිදිග ආසියානු නගර වෙත පිටතයන විදේශිකයන් විශාල පිරිසක් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

කෙසේ නමුත්, සිංගප්පූරුවෙන් පිටවන විදේශීය ශ්‍රමිකයින් සංඛ්‍යාව පිළිබඳ නිල දත්ත නොමැති අතර සිංගප්පූරුවේ පිහිටීම, ඉංග්‍රීසි කතා කරන ජනගහනය, ජීවන වියදම අඩුවීම සහ පසුපෙළ කාර්යාල කටයුතුවල ප්‍රබල පැවැත්ම හේතුවෙන් කාර්ය මණ්ඩලය සිංගප්පූරුවේ සිට අසල්වැසි මැලේසියාවේ ක්වාලා ලාම්පූර් වඩාත් ජනප්‍රිය වී ඇති බව වාර්තා වේ.

සිංගප්පූරුවේ ප්‍රධාන නේවාසික වෙළඳපොලේ කුලී 2022 දී සියයට 26 කට වඩා වැඩි වී ඇති බව ගෝලීය දේපල වෙළඳාම් සමාගමක් වන සැවිල්ස් පවසයි. එය ලන්ඩන්, සිඩ්නි සහ නිව් යෝර්ක්හි වර්ධන වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. ජනවාරි මාසයේ දී, නගර-ප්‍රාන්තයේ ආන්ඩුව භාණ්ඩ හා සේවා බද්ද (GST) සියයට 1 සිට සියයට 8 දක්වා ඉහල නැංවූ අතර, ලබන වසරේ එය සියයට 9 දක්වා ඉහල නැංවීමට අපෙක්ෂා කරන බව වාර්තා වේ.

සිංගප්පූරුවේ ජාතික සංවර්ධන අමාත්‍යාංශය (MND) සහ ආර්ථික සංවර්ධන මණ්ඩලය (EDB) ) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉදිරි කාර්තු තුළ කුලී පීඩනය අඩු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, රජයේ සහ පෞද්ගලික නේවාසික වෙළඳපොලේ නිවාස 40,000 ක් පමණ නිම කිරීමට සැළසුම් කර ඇති බවත්, ආසියාවේ වර්ධනයට සහ ලොවට නව නිෂ්පාදන සහ සේවා නිර්මාණය කිරීමට මෙන්ම සිංගප්පූරු ජාතිකයින් සඳහා රැකියා නිර්මාණය කිරීමට ස්ථාවර පදනමක් අපේක්ෂා කරන සමාගම් වෙත වැඩි සැලකිල්ලක් දැක්වීමටත් තමන් කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කර තිබේ.

INSEAD Global Competitiveness Index 2022 අනුව දක්ෂතා ආකර්ශනය කර ගැනීම සහ සක්‍රීය කිරීම සඳහා සිංගප්පූරුව ආසියාවේ අංක එක වන අතර 2023 වසරේ ECA ජාත්‍යන්තර ස්ථාන ශ්‍රේණිගත කිරීම් සමීක්ෂණයට අනුව නැගෙනහිර ආසියාවේ විදේශිකයන් සඳහා වඩාත්ම ජීවත්විය හැකි ස්ථානය ලෙස ද හඳුනාගෙන තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි