×

විශ්වයේ දෙකොණ සෙවූ උමතු විද්‍යාඥයා

එක් සිදුරකින් හෙවත් දැවැන්ත කුහරකින් භූ ගර්භය තුළ ට ගමන් කළහොත් පෘථිවි අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින දෑ දැක ගන්නට ලැබෙනු ඇත. ඇතැම්විට පෙර නොවූ විරූ මානව වර්ග පවා එහි ජීවත් වනවා වියහැකිය.


විශ්වය පිළිබඳ හැදෑරීමෙන් පසුව ජොන් ක්ලෙව්ස් සයිම්ස් එළඹුණු නිගමනය මෙසේ ය. පෘථිවිය කුහර ගෝලයකි. එම කුහරය තුළ තවත් ග්‍රහලෝක 5 ක් වත් තිබිය යුතු ය. උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවයේ දැවැන්ත සිදුරු දෙකක් ඇති බව ද සයිම්ස් ගේ විද්‍යා මොළයට සිතී තිබිණි. ඒ අනුව ඒ එක් සිදුරකින් හෙවත් දැවැන්ත කුහරකින් භූ ගර්භය තුළ ට ගමන් කළහොත් පෘථිවි අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින දෑ දැක ගන්නට ලැබෙනු ඇත. ඇතැම්විට පෙර නොවූ විරූ මානව වර්ග පවා එහි ජීවත් වනවා වියහැකිය. ජෝන් ක්ලෙයිව්ස් සයිම්ස් අතිශය ආකර්ෂණීය කථිකයෙකු ද විය. අවසානයේ 1823 ජනවාරි මස එක්තරා දිනකදී ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය පෘථිවිය එහි කේන්ද්‍රය දක්වා කැණීමේ ව්‍යාපෘතියේ දළ පිරිවැය සහිත වාර්තාව මහා ඉවසීමකින් යුතු ව අසා සිටිනා අයුරු දැකගන්නට ලැබිණි. එම විස්තරයේ සිත් ගන්නා සුලු කරුණු බොහොමයක් විය.

ගමන අරඹන්නට සැලසුම් කර තිබෙනුයේ උත්තර ධ්‍රැවයෙනි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් විස්තරය මෙසේ ය. විද්‍යාඥයන් පිරවූ නෞකා දෙකක්, ඇති තරම් රෙයින්ඩියර් මුවන්. ස්ලේජ් කරත්ත ලැබිය යුතු ය. ඔහු ට ලැබෙන සේවකයන් ඕනෑම අසීරුතාවයක් ඉවසා සිටිය හැකි නිර්භීතයන් විය යුතු ය. ඇස්තමේන්තුව අනුව උත්තරධ්‍රැවයේ යම් තැන ක තිබිය යුතු සිදුරේ විශ්කම්භය අඩි 400 කි. ඒ දක්වා සිය කරත්ත ගෙන යාම පිණිස බීරිං සමුද්‍ර සන්ධිය තරණය කිරීමට ද අවශ්‍ය වේ. මේ මොළය කළඹන විස්තරය අසා සිටි එක් කොංග්‍රස් සාමාජිකයෙක් මෙසේ ඇසුවේය. “සයිම්ස් මහත්මයා, ඔය කියන සිදුරේ ගැට්ටෙන් ඇතුල් වීමේදී අමතර බඩු භාණ්ඩ ත් අවශ්‍ය වනවාද? “ එවිට සයිම්ස් උදාර ලීලාවෙන් සඳහන් කළේ මානව වර්ගයා මුහුණදීමට යන එම ඓතිහාසික අවස්ථාව ට පිය නැගීමේදී කිසිදු අමතර භාණ්ඩයක් අවශ්‍ය වේ යැයි තමන් නොසිතන බවයි.

1780 වර්ෂයේ නොවැම්බර් 5 වැනිදා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඉපැරණි පියුටරින් පවුලක උපන් ජෝන් ක්ලෙව්ස් සයිම්ස් පොත් කාවෙකි. එසේම සිහින දකින්නෙකි. තවද විද්‍යාඥයෙකි. ගැටවර වියේදී තාරුකා ගැන හැදෑරීමට යොමුවීම නිසා ඔහු ට සිතුණේ මේ ලෝකයේ තමා ගත කරන ජීවිතය අතිශයින් ම ඒකාකාරී එකකැයි කියාය. වික්‍රමාන්විත බව ට ඇලුම් කළ ඔහු හමුදා සේවයට එක්වීමට තීරණය කළ ද පස මිතුරෙකු සමග ද්වන්ද්ව සටනක ට පැටළීමෙන් පසුව මරණයේ එළිපත්ත දැකීම නිසා හමුදා සේවය ට සමුදුන්නේය. ඒ වන විට ඔහු බි්‍රතාන්‍ය යුද්ධයට ද සහභාගී වී කපිතාන් ධුරය දක්වා උසස්වීමක් ලද ස්ත්‍රී ධූර්තයෙකි. පසුකාලීන ව මිසූරි ගඟ අසබඩ හමුදා භටයන් වෙනුවෙන් සාප්පුවක් විවෘත කළ ඔහු යුද්ධයෙන් මියගිය හමුදා සොල්දාදුවෙකුගේ දරුවන් සය දෙනෙකු සමග වැන්දඹුවක් අවාහ කර ගත්තේය. පසුව ඔහු ට දාව ද තවත් දරුවන් සිව්දෙනෙක් උපත ලැබූහ. නමුත් වෙළඳාම හෝ පවුල් ජීවිතය තුළ තමන් සොයන දේ නොැමති බව ඔහු ට වැඩිකල් නොගොස් ම වැටහිණි. ඔහු දේශ ගවේෂණය ට ඇලුම් කළේය. ඇමරිකාව සොයාගත් නමුත් ඒ බව නොදැන සිටි ඇමරිගෝ වෙස්පුචි ඔහුගේ වීරයෙකි. එනිසා ඔහු තමන්ගේ එක් පුතෙකුට ඇමරිකන් වෙස්පුෂියස් යැයි නම තැබුවේය.

පසුව ටෙලස්කෝපයක් ගෙන ආ ඔහු නිදි වර්ජිත මිසූරි රාත්‍රීන් ජුපිටර් සහ සෙනසුරු ග්‍රහයන් සමග ගෙවා දැමීමට පුරුදුවිය. ඔහු මේ සියලු ග්‍රහලෝක චිත්‍ර සිය ගණනක ට නැගුවේය. “කුහර ග්‍රහයන්” හෙවත් “ඝනීභවනය වූ ග්‍රහලෝක” පිළිබඳ සිද්ධාන්තයක් ගොඩ නංවාලීම සඳහා සෙනසුරු ග්‍රහයා කදිම සාක්ෂියක් යැයි ඔහු සිතුවේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු තමන්ගේ ම සොයාගැනීම් කිහිපයක ට එළඹුණේය. එයින් එකකට අනුව, ශ්‍රීමත් අයිසැක් නිව්ටන් වැරදි ගසක ට නැග බුරාතිබේ. එනම් වායුගෝලය පිරී ඇත්තේ ඇතුළත කුහර සහිත ඊතර් ගෝලවලිනි. එනිසා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය ගණනය කිරීමේදී එය ද සලකා බැලිය යුතු වේ.

 ඇමරිකානු කොංග්‍රසය සයිම්ස් ගේ ව්‍යාපෘතිය ගැන අසා සිටින්නට එකඟවුයේ උප ජනාධිපති රිචඞ් එම් ජොන්සන් ගේ අධිකතර උනන්දුව නිසා ය. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එය ට අනුමැතිය ලැබණේ නැත. සයිම්ස් විවර හෙවත් ධ්‍රැව විවර ලෙස හැඳින්වූ පෘථිවියේ දෙකොණ සොයාායමේ ව්‍යාපෘතිය සඳහා මහජන අවධානය දිනාගැනීමට සයිම්ස් අවසාන වශයෙන් උත්සාහ කළේ විද්‍යාත්මක පත්‍රිකා පන්සියයක් පමණ මිසූරි හි සිට ලොව පුරා බෙදා හැරීම ය

කුහර ගෝල පිළිබඳ සිද්ධාන්තය ඔහු වඩාත් තර්කාන්විත ලෙස සංවර්ධන කිරීමට පටන් ගත්තේය. සොබාදහමේ බොහෝ දේ සෑදී ඇත්තේ කුහරමය ලෙස නොවේද? සත්ව ඇටකටුවල අභ්‍යන්තරය කුහරමය වේ. මිනිස් කෙස් ගස් ද කුහරමය ය. තිරිඟු නටු පවා එසේ ය. හැඩයක් නැති මැටි පිඬක් භ්‍රමණය කළ විට ද ඇතුළත කුහරයක් තැනේ. ඒ අනුව ඔහු මෙසේ තර්ක කළේය. “අපේ පෘථිවිය බිහිවන්නට ඇත්තේ විශාල නෙබියුලාවක් හෙවත් නිහාරිකාවක් භ්‍රමණය වීමෙනි. එනිසා පෘථිවිය ඝන ගෝලයක් නොව කුහර ගෝලයක් විය යුතු ය.” ඉතිහාස පොත් පෙරළමින් මේ ගැන තොරතුරු සෙවූ විට ද හදවත ප්‍රීතියෙන් ඉපිළවන තොරතුරු කිහිපයක් ඔහු සොයාගත්තේය. උදාහරණයක් වශයෙන් බැබිලෝනියානුවන් සිතා ඇත්තේ ලෝකය කුහරමය කඳුවැටියක් වන බවයි. මේ අතර මහාචාර්ය බ්‍රැනට් නමැත්තෙකුගේ සටහන්වලට අනුව පෘථිවිය අතීතයේ පැවතී ඇත්තේ තෙල් වලින් වටවූ කුඩා හරයකිනි. එපමණක් නොව පෘථිවියේ සැකැස්ම ලූනු සිවිවලින් වටවූ ලූනු ගෙඩියකට සමාන යැයි කී මහාචාර්යවරයෙකුගේ ද පෘථිවිය ඇල්බියුම්ින් හා කවචයකින් සැදුණු බිත්තරයක ට සමාන යැයි කී තවත් මහාචාර්යවරයෙකුගේ සටහන් ද ඔහුට හමුවිය. හේල්ගේ වල්ගාතරුව සොයාගත් ඇලෙක්සි හේලි ද පෘථිවියේ පිටපොත්ත හෙවත් කවචය ට යටින් තිබෙන හිස් අවකාශයක් තුළ තවත් ග්‍රහලෝක 3 ක් පමණ දෝලනය වෙමින් පවතින බව කීවේයැයි දැනගන්නට ලැබී සයිම්ස් ට සතුට උතුරා යන්නට විය. ඇමරිකානු කොංග්‍රසය සයිම්ස් ගේ ව්‍යාපෘතිය ගැන අසා සිටින්නට එකඟවුයේ උප ජනාධිපති රිචඞ් එම් ජොන්සන් ගේ අධිකතර උනන්දුව නිසා ය. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එය ට අනුමැතිය ලැබණේ නැත. සයිම්ස් විවර හෙවත් ධ්‍රැව විවර ලෙස හැඳින්වූ පෘථිවියේ දෙකොණ සොයාායමේ ව්‍යාපෘතිය සඳහා මහජන අවධානය දිනාගැනීමට සයිම්ස් අවසාන වශයෙන් උත්සාහ කළේ විද්‍යාත්මක පත්‍රිකා පන්සියයක් පමණ මිසූරි හි සිට ලොව පුරා බෙදා හැරීම ය. මේ සෑම පත්‍රිකාවක් සමග ම තමන් මානසික රෝගියෙක් නොවේය යන්න සහතික කරන වෛද්‍ය සහතිකයක පිටපතක් ද ඇමිණීම ට ඔහු අමතක නොකළේය.

දිනක් කැනඩාවේ දේශනයකින් පසු සිය රට බලා එමින් සිටි පරාජිත සයිම්ස් අතර මගදී ඇද වැටුණේය. ධ්‍රැව විවර වලින් පෘථිවි කුහරයට පිවිසීමේ සිහිනය සමග ම ඔහු වයස අවුරුදු 49 දී මියැදුණේය. ඔහුගේ පුත් වෙස්පුෂියස් පියාගේ අදහස්වල ට ගරු කළේය. සයිම්ස් ගේ සියලු විද්‍යාත්මක පත්‍රිකා එක්තැන් කළ ඔහු “ඝන ගෝල සහ කුහරමය ධ්‍රැව පිළිබඳ සයිම්ස් සිද්ධාන්තය” යනුවෙන් එය පළ කළේය. නිතර අමුතු කතාවස්තු සොයන විද්‍යා ලේඛක ජුලියස් වර්න් හට ද මේ ගැන දැනගන්න ට ලැබිණි. ඔහුගේ සුප්‍රසිද්ධ “ජර්නි ටු ද සෙන්ටර් ඔෆ් දි අර්ත්” විද්‍යා නවකතාව ට පාදක වූයේ පෘථිවි ධ්‍රැව වල විශාල හිස් කුහර ඇති බව දැක්වෙන සයිම්ස් සිද්ධාන්තයයි. ජෝන් ක්ලෙව්ස් සයිම්ස් ගේ සිහිනය අවසානයේ ප්‍රබන්ධයක් ලෙස හෝ සැබෑ වී තිබුණේ එසේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි