×

ඉතාලියට බලපෑ ගංවතුර‌ හේතුවෙන් 36,000කට වැඩි පිරිසක් අවතැන්

ධාරානිපාත ගංවතුර හේතුවෙන් නායයෑම් 305 කට වැඩි ප්‍රමාණයක් ඇතිව ඇති අතර කලාපයේ මාර්ග 500 කට වඩා හානි සිදුවී හෝ වසා දමා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.


ඊසානදිග ඉතාලියේ එමිලියා-රොමැග්නා ප්‍රදේශයට බලපෑ මාරාන්තික ගංවතු‌ර හේතුවෙන් පුද්ගලයන් 36,000ක් පමණ අවතැන්ව 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඉහළ යමින් පවතින ජල මට්ටම් නිවාස ගිලගෙන ඇති අතර එමිලියා-රොමැග්නා ප්‍රදේශයේ නගර සහ නගරවල වීදි ගංගා බවට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම ධාරානිපාත ගංවතුර හේතුවෙන් නායයෑම් 305 කට වැඩි ප්‍රමාණයක් ඇතිව ඇති අතර කලාපයේ මාර්ග 500 කට වඩා හානි සිදුවී හෝ වසා දමා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

එමිලියා-රොමැග්නාහි නගරාධිපති Matteo Lepore සෙනසුරාදා පැවසුවේ මාර්ග සහ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට මාසයක් හෝ ඊට වඩා විශාල කාලයක් ගතවිය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි