×

ලෝක උණුසුම වැඩිවෙයි!

ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ යනු ඇති බවටයි විද්‍යාඥයින් සඳහන් කළේ.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ යනු ඇති බවටයි විද්‍යාඥයින් සඳහන් කළේ.

කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ගෝලීය ඌෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

දැනට සිදු කෙරෙන කාබන් විමෝචනය සීමා කිරීමට නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී තවදුරටත් ගෝලිය ඌෂ්ණත්වය ඉහළ යා හැකි බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

ලොව සෑම රටකම පාහේ දේශපාලන හා විද්‍යාත්මක දායකත්වය එම අරමුණ වෙනුවෙන් කැප කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

2015 වසරේ ලොව සියලු රටවල් එළඹි පැරිස් එකඟතාවයේ යෝජනාවන් ක්‍රියාත්මක  නොකිරීම ඌෂ්ණත්වය ඉහළ යාමට දැඩි ලෙස බලපා ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි