මෙක්සිකෝවේ අධික උෂ්ණත්වය හේතුවෙන් 100 දෙනෙක් මරුට
සියලුම මරණ පාහේ තාප ආඝාතය හා විජලනය හේතුවෙන් සිදුව තිබේ.
මෙක්සිකෝවට බලපාන ලද අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සති දෙක තුළ අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති අතර සියලුම මරණ පාහේ තාප ආඝාතය හා විජලනය හේතුවෙන් සිදුව තිබේ.
මරණ වලින් 64% ක් පමණ සිදුවී ඇත්තේ ටෙක්සාස් වලට මායිම්ව පිහිටි Nuevo Leon හි උතුරු ප්‍රාන්තයේ හා සොනෝරා ප්‍රාන්තයේ, අකොන්චි නගරයේය. ඉතිරි බොහෝමයක් ගල්ෆ් වෙරළ තීරයේ අසල්වැසි Tamaulipas සහ Veracruz හි වාර්තා වී තිබේ.
සශිකලා මධුෂාණී_