×

ඊජිප්තුවට ඩොලර් බිලියන 3ක සහන පැකේජයක් – IMF

මෙමඟින් රජයේ ණය අඩු කිරීම සහ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම අරමුණු කරයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊජිප්තුව වෙනුවෙන් ඩොලර් බිලියන 3 ක ආධාරක පැකේජයක් හෙවත් විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයක් අනුමත කර ඇති බව වාර්තා වන අතර, මෙම ගිවිසුම හරහා අතිරේක ඩොලර් බිලියන 14 ක මුදලක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

මෙමඟින් රජයේ ණය අඩු කිරීම සහ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම අරමුණු කරයි.

කොරෝනා වසංගය හා යුක්රේන යුද්ධය හේතුවෙන් ඊජිප්තු ආර්ථිකයට දැඩිලෙස පහර වැදී ඇති අතර තෙල් හා ආහාර මිල ඉහළ යාමෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇත. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඊජිප්තුවේ මිලියන 104 ක ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයේ ජීවත් වන බව වාර්තා වේ. පසුගිය මාර්තු මාසයේ සිට ඊජිප්තු පවුම ඩොලරයට සාපේක්ෂව එහි වටිනාකමෙන් සියයට 36 ක් අහිමි වී ඇත.

මේ සම්බන්ධයෙන් IMF ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ මෙම පැකේජය මාස 46 ක කාලයක් ආවරණය වන අතර ඊජිප්තු රජයට ඩොලර් මිලියන 347 කට ආසන්න මුදලක් ලබා දෙනු ඇත. මෙමඟන් ජිප්තුවේ ජාත්‍යන්තර සහ කලාපීය හවුල්කරුවන්ගෙන් ඩොලර් බිලියන 14 ක පමණ අතිරේක මූල්‍යකරණය උත්ප්‍රේරණය කිරීම අපේක්ෂා කරන අතර, උද්ධමනය ක්‍රමයෙන් අඩු කිරීම ඉලක්ක කරගත් මුදල් ප්‍රතිපත්තියක් ඇතුළු, පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වාදීම මෙහි අරමුණු වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි