×

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 සඳ මෙහෙයුම

චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.


ඉන්දියාවේ නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්-3 නමින් නව අභ්‍යවකාශ යානයක් සඳ මතට ගොඩබැසීම අද දිනයේදී සිදුවනු ඇති බව ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබේ.

චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.

ඩොලර් මිලියන 75 ට අඩු අයවැයක් මේ වෙනුවෙන් වැයකර ඇති අතර ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO), එහි YouTube පිටුවෙහි මෙම අවස්ථාව සජීවීව විකාශනය කරන බවද වාර්තා වේ.

චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය ප්‍රධාන අරමුණු තුනක් යටතේ නිර්මාණය කර ඇති අතර පළමුව, එය සඳ මත ආරක්ෂිත සහ මෘදු ගොඩබෑමක් අපේක්ෂා කරයි. දෙවනුව එහි රෝවයට චන්ද්‍ර පෘෂ්ඨයේ එහා මෙහා යාමට හැකි විය යුතු වන අතර තෙවනුව, එය චන්ද්‍රයාගේ සංයුතිය කෙරෙහි අවධානය යොමු කරමින් විද්යාත්මක නිරීක්ෂණ පැවැත්වීම අපේක්ෂා කෙරේ.

අභ්‍යවකාශ යානය දියත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 හඳුන්වා තිබුණේ අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි