×

අති උත්කර්ෂවත්ව චාල්ස් රජුගේ රාජාභිෂේකය නිම වේ.

රාජාභිෂේකය සංකේතාත්මකව ගැඹුරු ආගමික උත්සවයක් වූ අතර 'සේවය කිරීමට කැඳවනු ලැබේ' යන තේමාව යටතේ එය සිදු විය.


එක්සත් රාජධානියේ පුරාණ සම්ප්‍රදායන් හා චාරිත්‍රයන්ට අනුකූලව III චාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී කැන්ටබරි අගරදගුරුතුමා විසින් කිරුළු පළඳින ලදි .

ලෝක නායකයන්, වංශාධිපතියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු අමුත්තන් 2,300 කට අධික පිරිසක් ඉදිරියේ අද දින ලොව පුරා අසමසම උරුමයන්, සම්ප්‍රදායන් සහ සංදර්ශන ප්‍රදර්ශනය කරනු ලැබීය.

ඔටුනු පැළඳීමෙන් පසු මිනිත්තු දෙකක් පුරාවටම ඇබේ සීනු නාද වූ අතර අසල අශ්වාරක්ෂක පෙළපාලිය, ලන්ඩන් කුළුණ සහ ජාතිය පුරා ආචාර ස්ථාන සහ මුහුදේ යුද නැව් වලින් තුවක්කු ආචාර වෙඩිමුර නිකුත් විය. තුන්වන චාර්ල්ස් රජුට මෙලෙස ඔටුන්න හිමි වූයේ වසර 70 ක් රජකම් කළ ඔහුගේ මව වන දෙවන එලිසබෙත් රැජිනගේ මරණයෙන් පසුව වන අතර චාල්ස් රජු 1066 සිට ජාතියේ රාජාභිෂේක දේවස්ථානය වන වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී කිරුළු පළඳනා ලද 40 වැනි පාලකයා බවට පත්විය. අනතුරුව කැමිලා රැජින මේරි රැජිනගේ කිරුළෙන් ඔටුනු පැළඳන ලදි.

රාජාභිෂේකය සංකේතාත්මකව ගැඹුරු ආගමික උත්සවයක් වූ අතර ‘සේවය කිරීමට කැඳවනු ලැබේ’ යන තේමාව යටතේ එය සිදු විය. රජු සිය යාච්ඤාව ඉදිරිපත්කරමින් අවසානයේ ඔහු සියලු ප්‍රජාවන්ට සේවය කිරීම සඳහා සිය යුතුකම ප්‍රදර්ශනය කරනු ලැබීය.

අවස්ථාව වෙනෙුවෙන් නරඹන්නන් දස දහස් ගණනක් රැස්ව සිටි අතර ඒ අතර දිළිඳුකම සහ සමාජ බැඳීම් බිඳවැටෙන රටක වරප්‍රසාද සහ අසමානතාවය වෙනුවෙන් පෙනී සිටින බව පවසන NOT MY KING යනුවෙන් පුවරු රැගත් විරෝධතාකරුවන්ද සිටිනු ලැබීය.

කෙසේ නමුත් සම්ප්‍රදායානුකූලව වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී කිරුළු පලන් රජු හා රැජින නැවත බකිංහැම් මාලිගයට පැමිණෙනු ඇති අතර එහිදී රැසිව සිටින පිරිසට ආචාර කිරීම සිරිතක් වේ. උත්සවයෙන් අනතුරුව වේල්ස් කුමරු සහ කුමරිය ඔවුන්ගේ බාල දරුවන් දෙදෙනා වන චාලට් සහ ලුවී සමඟ ඔවුන් සියල්ලෝම අශ්වයන් හතර දෙනෙකු විසින් ඇද ගන්නා ලද කළු සහ රන් කරත්තයකින් බකිංහැම් මාලිගයට පිටත්ව ගිය අතර ඔවුන් සමඟ ලුයිස් මවුන්ට්බැටන්-වින්ඩ්සර් ආර්යාව සහ වෙසෙක්ස්හි අර්ල් ජේම්ස් මවුන්ට්බැටන්-වින්ඩ්සර් ද විය.

උත්සවයේදී කාගෙත් අවධානයට පත් සසෙක්ස් ආදිපාද හැරී කුමරු වේගයෙන් BMW රථයකට ගොඩ වූ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු බකිංහැම් මාලිගයට යනවාද නැතිනම් කෙලින්ම ගුවන් තොටුපළට ගොස් නැවත එක්සත් ජනපදයට යනවාද යන්න පැහැදිලි නොමැති බවයි.

බ්‍රිතාන්‍ය රජෙකුගේ රාජාභිෂේකය බොහෝ දෙනා දුටු පළමු අවස්ථාව මෙය වන අතර මෙම ඓතිහාසික උත්කර්ෂවත් සංදර්ශන උත්සවය ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් නරඹා ඇති බවද සඳහන් වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි