×

ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් වයස අවුරුදු 103දී මියයයි.

ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් මියගොස් ඇති බව ඔහුගේ පුත් මයිකල් ඩග්ලස් පවසා තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 103කි.


ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් මියගොස් ඇති බව ඔහුගේ පුත් මයිකල් ඩග්ලස් පවසා තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 103කි.

මයිකල් ඩග්ලස් ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර ඇත: “කර්ක් ඩග්ලස් අද අප හැර ගියේ වයස අවුරුදු 103 දී බව මගේ සහෝදරයන් සහ මම ප්‍රකාශ කරන්නේ ඉමහත් ශෝකයෙන්.”

“ලෝකයට, ඔහු පුරාවෘත්තයක්, චිත්‍රපටවල ස්වර්ණමය යුගයේ නළුවෙක්, යුක්තිය වෙනුවෙන් සටන් කර ලද්දෙකි. මේ හේතූන් නිසා ඔහු ඔහුගේම ප්‍රමිතියක් නිර්මාණය කරගෙන ඇත. එය අපටද මහත් ආඩම්බරයක් මෙන්ම ආදර්ශයකි”

View this post on Instagram

It is with tremendous sadness that my brothers and I announce that Kirk Douglas left us today at the age of 103. To the world he was a legend, an actor from the golden age of movies who lived well into his golden years, a humanitarian whose commitment to justice and the causes he believed in set a standard for all of us to aspire to. But to me and my brothers Joel and Peter he was simply Dad, to Catherine, a wonderful father-in-law, to his grandchildren and great grandchild their loving grandfather, and to his wife Anne, a wonderful husband. Kirk's life was well lived, and he leaves a legacy in film that will endure for generations to come, and a history as a renowned philanthropist who worked to aid the public and bring peace to the planet. Let me end with the words I told him on his last birthday and which will always remain true. Dad- I love you so much and I am so proud to be your son. #KirkDouglas

A post shared by Michael Douglas (@michaelkirkdouglas) on

නිව් යෝර්ක්හි රුසියානු-යුදෙව් පෙළපතට අයත් ඉසූර් ඩැනියෙලොවිච් පවුලට දාව උපත ලැබූ ඩග්ලස් දශක හතක් පුරා දිවෙන වෘත්තියක් තුළ චිත්‍රපට 90 කට වැඩි ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙමින් කළේය.

ස්පාටකස් සහ ද වයිකින්ස් චිත්‍රපට මොස්සේ ඔහු 1950 සහ 1960 දශකවල විශාලතම බොක්ස් ඔෆිස් තරුව බවට පත් ව සිටියේය.

1959 දී චැම්පියන් හි බොක්සිං ක්‍රීඩක මිඩ්ජ් කෙලීගේ චරිතය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය.

ඔහු 1953 දී ද බැඩ් ඇන්ඩ් ද බියුටිෆුල් සහ 1957 දී ලස්ට් ෆෝ ලයිෆ් චිත්‍රපටයේ නිෂ්පාදකයෙකු ලෙස ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ විය.

ඔහු ජෝන් වේන් සමඟ චිත්‍රපට තුනක රඟපා ඇත – එම චිත්‍රපට නම් ඉන් හාම්ස් වේ, කාස්ට් ජයන්ට් ෂැඩෝ සහ ද වෝර් වැගන් වේ. තවද ජපන් රූපවාහිනී වෙළඳ දැන්වීමක් අවසානයේ කොෆී යන එකම ඉංග්‍රීසි වචනය පැවසීම වෙනුවෙන් ඩොලර් 50,000 ක් උපයා ගත්තේය.

එහෙත් ඔහුගේ චිත්‍රපට වලට වඩා හොලිවුඩ් අසාදු ලේඛනය බිඳ දැමීම වෙනුවෙන් ඔහු සතුව තිබූ ප්‍රධාන භූමිකාව ගැන තමා ආඩම්බර වන බව ඔහු පැවසීය: නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් සහ ලේඛකයින් 1950 ගණන්වල කොමියුනිස්ට් ව්‍යාපාරයට ඇති සම්බන්ධතා හේතුවෙන් වෘත්තීයමය වශයෙන් බැහැර කරන ලදී.

ඩග්ලස් 1991 දී හෙලිකොප්ටර් අනතුරකින් හා වසර පහකට පසුව හෘද්‍යාබාධයකින් ද දිවි ගලවා ගත්තේය. මෙම හෘද්‍යාබාධය හේතුවෙන් ඔහුට කථාකිරිමට අපහසු වූ අතර එයින් ඔහුගේ මුහුණේ ස්නායු වලට හානි සිදුවූ නමුත් ඉන් සති දෙකකට පසුව පවති ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වී “ජීවිත කාලය පුරාවටම ලබාදෙන සම්මානය ” ලබා ගැනීම නතර කළ නොහකි විය.

ඔහු දිගින් දිගටම කුඩා රංගන චරිත නිරූපණය කළ නමුත් හෘද්‍යාබාධය නිසා ඔහු සියදිවි නසා ගන්නට තැත් කළ අවස්ථා අනන්ත බව පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි