×

සමුද්‍රීය යුද සොහොන් කෙලෙසූ චීන නැවක් අත්අඩංගුවට

එක්සත් රාජධානියේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙවන් වැටලීම් සමුද්‍රීය යුද සොහොන් කෙලෙසීමක් වශයෙන් හෙළා දැක තිබිණි.


දෙවන ලෝක යුද්ධ සමයේ සුන්බුන් වූ නැව් දෙකක් කොල්ල කෑ බවට සැක කෙරෙන චීනයේ ලියාපදිංචි යාත්‍රාවක් මැලේසියාව විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර 80කට පෙර ජපන් හමුදා විසින් ගිල්වා දැමූ HMS Prince of Wales සහ HMS Repulse නෞකාවේ යැයි සැලකෙන පතොරම් මෙම යාත්‍රාවේ තිබී සොයාගෙන ඇති අතර එක්සත් රාජධානියේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙවන් වැටලීම් සමුද්‍රීය යුද සොහොන් කෙලෙසීමක් වශයෙන් හෙළා දැක තිබිණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමුද්‍රීය බලාත්මක කිරීමේ ඒජන්සිය (MMEA)විසින් වාර්තා කර තිබුණේ Fuzhou හි ලියාපදිංචි වූ නෞකාවේ කාර්ය මණ්ඩලය 32 ක් සමුද්‍ර පොලීසිය විසින් රඳවාගෙන ඇති බවත්, වැඩිදුර පර්යේෂණවලදී දෙවන ලෝක යුද්ධයට අයත් යැයි සැක කෙරෙන කාලතුවක්කු උණ්ඩ සොයාගෙන ඇති බවත්, ඒවාගේ සත්‍යතාවය පිළිබඳ විමර්ශන එක්සත් රාජධානිය හා මැලේසියාව එක්ව සිදුකෙරෙන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි