×

මගියෙකු පියාසර කරන ගුවන් යානයක දොර විවෘත කරයි

මෙහු සම්බන්ධයෙන් රටේ ගුවන් ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට පොලීසිය සුදානම් වේ.


ඒෂියානා ගුවන් සේවයට අයත් දකුණු කොරියාව බලා යමින් සිටි එයාර්බස් A321 ගුවන් යානය පොළවේ සිට මීටර් 213ක් (අඩි 700) පමණ ඉහළින් තිබියදී මඟියෙකු විසින් හදිසි පිටවීමේ දොරක් විවෘත කළ පුවතක් අනාවරණය වේ.

දකුණු කොරියාවේ යොන්හැප් පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අත්අඩංගුවට ගනු ලැබූ 30 හැවිරිදි මඟියා වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ අදාල මඟියාගේ රැකියාව අහිමි වීමෙන් පසු ඔහු දැඩි ආතතියකින් සිට ඇති බවත්, ගුවන් ගමනට නියමිත කාලයට වඩා වැඩි කාලයක් ගත වන බව දැනුන හෙයින් හුස්ම හිරවීම නිසා ඉක්මනින් බැසීමට අවශ්‍ය නිසා දොර විවෘත කර ඇති බවත්ය.

මෙහු සම්බන්ධයෙන් රටේ ගුවන් ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට පොලීසිය සුදානම් වන අතර මේ සිදුවීම‌ හේතුවෙන් මඟීන් භීතියට පත්වූ අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව මගීන් 9 දෙනෙකු රෝහලට යවා ඇති අතර ඔවුන්ගේ තත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති බවද ද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි