×

ඕක්ලන්ඩ් හි ගංවතුර හේතුවෙන් දෙදෙනෙකු මරුට

ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණේ හෙට(29) දිනය වන විට නැවත වර්ෂාපතනය ඇතිවීමේ අවදානමක් ඇති බවයි.


නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෛකු මියගොස් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.


පසුගිය පැය 24තුළ මිලිමීටර් 161-249ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණේ හෙට(29) දිනය වන විට නැවත වර්ෂාපතනය ඇතිවීමේ අවදානමක් ඇති බවයි. මීට අමතරව නවසීලන්තයේ මිලියන 1.6ක් වෙසෙන උතුරු දූපත වෙනුවෙන්ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ගංවතුර තත්වය හේතුවෙන් ඕක්ලන්ඩ් හි මාර්ග ගංඟා බවට පත්ව ඇති අතර, එයාර් නිව්සීලන්ඩ් ගුවන් සමාගම විසින් නිවේදනය කර තිබුණේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඕක්ලන්ඩ් වෙත යාමට නියමිතව තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් 12 ක් නවතා දැමීමට කටයුතු කළ බවයි.

ජෙසින්ඩා ආන්ද්‍රේගේ ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය බදාදා දිවුරුම් දුන් නව අගමැති ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර තිබුණේ, ගංවතුර හේතුවෙන් ඇතිවන හානිය ගණනය කිරීමට යම් කාලයක් ගත විය හැකි බවත් ජාතික අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමට උපකාරී වන බවත්ය.

මේ වන විට ඕක්ලන්ඩ් වැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, ජීවිතයට තර්ජනයක් වන අනතුරකට මුහුණ දෙන්නේ නම් පමණක් හදිසි සේවා සම්බන්ධ කර ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි