×

උතුරු කොරියාවට ‘අධික ශීත’ කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

අධික ශීතල හෝ ආහාර නොමැතිවීම නිසා ඇතිවන කුසගින්නෙන් විශාල ප්‍රමාණයක් මිය යා හැකිය.


උතුරු කොරියානු බලධාරීන් විසින් මේ වන විට රට තුළ අධික ශීත කාලගුණයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ගුවන් විදුලිය වාර්තා කර තිබුණේ වෙරළබඩ ප්‍රදේශවල තද කුණාටු අපේක්ෂා කරන අතර එහි උෂ්ණත්වය -30C ට වඩා අඩු විය හැකි බවයි.

මේ වන විට චීනයේ හා ජපානයේද වාර්තාගත අඩුම උෂ්ණත්වයක් වාර්තාව ඇති අතර Ryanggang, North Hamgyong සහ South Hamgyong,යන උතුරු කොරියාවේ දුප්පත්ම ප්‍රදේශ වඩාත් අවදානමට ලක්වෙතැයි අපේක්ෂා කෙරේ.

රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබුණේ වසරේ අගභාගයේදී තවත් අධික ශීත කාලගුණ පිළිබඳව අනතුරුදායක තත්වයක් ඇති බවත්, අධික ශීතල හෝ ආහාර නොමැතිවීම නිසා ඇතිවන කුසගින්නෙන් විශාල ප්‍රමාණයක් මිය යනු ඇති බවත්ය.

මෙම තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ පීටර්සන් ආයතනයේ පර්යේෂණ විශ්ලේෂකයෙකු වන ලූකස් රෙන්ගිෆෝ කෙලර් පවසා තිබුණේ, 1990 ගණන්වල පැතිරුණු සාගතයෙන් පසු මෙම කාලගුණ තත්වය හේතුවෙන් උතුරු කොරියාවේ ආහාර අනාරක්ෂිත භාවය ඇති වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2019 වසරේ උතුරු කොරියාව දශක හතරකට ආසන්න කාලයක් තුළ එහි දරුණුතම නියඟයෙන් පීඩා විඳි අතර එම වසරේ මිනිසුන් ආහාර ගෙන ඇත්තේ ග්‍රෑම් 300ක් පමණය. මේත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියානුවන් මිලියන 10කට පමණ හදිසි ආහාර අවශ්‍ය බව නිවේදනය කරනු ලැබීය.

2020 දී උතුරු කොරියාව ප්‍රධාන සුළි කුණාටු පහකට ගොදුරු වූ අතර එය ගොඩනැගිලි, මාර්ග, කර්මාන්තශාලා සහ ජල පද්ධතිවලට විශාල හානියක් සිදු වූ අතර පුද්ගලයන් විශාල පිරිසක් අවතැන් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි