×

”නුස්රත් ජහාන්” ගිනි තබා මරා දැමූ පුද්ගලයින් 16 දෙනාට බංග්ලාදේශ අධිකරණයෙන් මරණ දඬුවම්

පසුගිය අප්‍රේල් මස සමස්ත බංග්ලාදේශයම දුකට පත් කරමින් සිදු වූ ඇගේ ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පැවැත්විණ.


පාසැල් ගුරුවරයෙකුගේ ලිංගික අඩන්තේටිටම් වලට විරුද්ධ පැමිණිලි කිරීම කෙරේ උරණ වී නුස්රත් ඣාන් රාෆි නම් පාසැල් සිසුවිය පුළුස්සා මරා දැමූ පුද්ගලයින් 16 දෙනෙකුට බංග්ලාදේශයේ අධිකරණය විසින් අද මරණ දඩුවම නියම කරනු ලැබීය.

19 හැවිරිදි මෙම පැසැල් සිසුවියට පෙට්‍රල් සිරුරට දමා ගිනි තබා තිබුනේ පසුගිය අප්‍රේල් මස බංග්ලාදේශයේ ෆෙනී නම් නගරයේ ඈ අධ්‍යාපනය හැදෑරූ පාසැල තුලදීය.
ඇයට හිංසා කිරීම හේතුවෙන් චෝදනා ලැබී පිරිස අතර ඇගේ පාසැලේ ප්‍රධානියා සහ තවත් ඈ හා සම වයසේ සිසුවියන් දෙදෙනෙකුද වෙයි.

පසුගිය අප්‍රේල් මස සමස්ත බංග්ලාදේශයම දුකට පත් කරමින් සිදු වූ ඇගේ ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පැවැත්විණ.

ඇගේ ඝාතකයන් බේරා ගැනීම සදහා ප්‍රදේශයේ පොලීසියේ සහයෝගයද ලැබී තිබූ අතර මරණ දඩුවම හිමි වූ පුද්ගලයන් අතරේ බංගලාදේශයේ පාලක පක්ෂය වන අවාමී ලීගයේ ප්‍රාදේශීය නායකයින් දෙදෙනෙකුද වෙයි.
ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සදහා අධීකරණයේ තීරණය ලැබෙන තුරු සය මසක් ඇගේ පවුලේ සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව යටතේ ජීවිත් වන්නට සිදුව ඇත.

පොලීසිය විසින් සිය දිවි නසා ගැනීමක් ලෙස උළුප්පා තිබූ ඇගේ මරණය ඝාතනය කිරීමක් ලෙස ඔප්පු කිරීම සදහා සමීපතම සාක්ෂිය වූයේ ඇය මිය යන්නට පෙර පිළීස්සුම් තුවාල සහාතව රෝහලට ගෙන යමින් සිටියදී සිය සොහොයුරාගේ දුරකථනයේ පටිඝත කළ ඇගේ හඩපටයයි.
”මගේ ගුරුවරයා මට හිංසා කළා මම මගේ මරණය තෙක් ඊට එරෙහිව සටන් කරනවා යන්න ඇය එහිදී පවසා තිබිණී. පිළීස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර දින 4ක් ඇතුළත ඈ මිය ගියාය. ඒ පසුගිය අප්‍රේල් මස 10 වන දිනයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි