×

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඛාන්ගේ ආධාරකරුවන් සියගණනක් ඉස්ලාමාබාද්හි ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි අතර වරෙන්තුවෙන් පසු දහස් ගණනක් විවිධ නගර පුරා විරෝධතා දැක්වූහ.


පසුගිය මාසයේ පැවති මහජන රැලියකදී පොලිස් නිලධාරීන්ට සහ කාන්තා විනිසුරුවරියකට එරෙහිව කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ නඩු පවරා තිබිණි. ඒ අනුව ඉස්ලාමාබාද් අගනුවර සැසිවාර අධිකරණයේ පැවති නඩුවේ විභාගයකට හිටපු අගමැතිවරයා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබිණි.

මේත් සමඟ ඔහුගේ පාකිස්තාන තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ (පීටීඅයි) ඛාන්ගේ ආධාරකරුවන් සියගණනක් ඉස්ලාමාබාද්හි ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි අතර වරෙන්තුවෙන් පසු දහස් ගණනක් විවිධ නගර පුරා විරෝධතා දැක්වූහ.

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා සෙනසුරාදා රූපවාහිනී සාකච්ජානක දී කියා සිටියේ ඛාන්ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සාමාන්‍ය එකක් බවත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් දිනකට පසු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප ලබාදීමට පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් අනුමැතිය ලබාදී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

සබැඳි පුවත් :



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි