×

පිලිපීනයේ නාල්ගේ සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 98 දක්වා ඉහළට

පිලිපීනය සාමාන්‍යයෙන් වසරකට ටයිෆූන් 20කට පමණ මුහුණ දෙන අතර නිතර නිතර වන නායයෑම් සහ ගංවතුර වලින් පීඩා විඳින රටකි.


පිලිපීනයේ නාල්ගේ සුළි කුණාටුවෙන් ඇති වූ වර්ෂාව ගංවතුර හා නාය යෑම් වලින් මිය ගිය සංඛයාව 98 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතියේ ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ.

කුණාටුව හේතුවෙන් පිලිපීනයේ Bangsamoro ප්‍රදේශය විශාල වශයෙන් හානියට පත්ව ඇති අතර, එම කලාපයේ පමණක් මරණ 53 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්ව ඇති පුද්ගලයන් ගණන 22ක් බව වාර්තා වේ.

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් යටිතල පහසුකම් වලට විශාල වශයෙන් හානි සිදු ව ඇති අතර එය ඩොලර් මිලියන 13ක් පමණ වන බවට ගණන් බලා ඇත.


මේ වන විට කෘෂිකර්මාන්තයට සිදුව ඇති පාඩුව පෙසෝ මිලියන 435 කට වඩා වැඩි යැයි වාර්තා වන අතර සුළි කුණාටුව අද(01) දිනය වන විට දකුණු චීනය දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් නිවේදනය කර තිබේ.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ගංවතුරෙන් යට වූ දිස්ත්‍රික්කවල වැසියන් හා මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

පිලිපීනය සාමාන්‍යයෙන් වසරකට ටයිෆූන් 20කට පමණ මුහුණ දෙන අතර නිතර නිතර වන නායයෑම් සහ ගංවතුර වලින් පීඩා විඳින රටකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි