×

සුබ උපන්දිනයක් ලුවී !

මෙම ඡායාරූපය මිලී පිල්කින්ටන් විසින් ගෙන ඇති අතර එය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.


2018 අප්‍රේල් මස 23වන දිනය හෙවත් ශාන්ත ජෝර්ජ් දිනයේ උපන් ඔටුන්න හිමිවීමට සිව්වන ස්ථානයේ පසුවන රජකුමරු වන ලුවී ආතර් චාල්ස්ගේ පස්වන උපන්දිනය අදට යෙදී තිබේ.

ඔහුගේ පස්වන උපන්දිනයට සමගාමීව වේල්ස් කුමරිය විසින් තල්ලුකරනු ලබන විල්බැරෝවක සිනාමුසු මුහුණින් යුතුව සිටින ලුවීගේ ඡායාරූපයක් නිකුත් වී තිබේ. සාම්ප්‍රදායික රාජකීය ඉරියවුවලින් බැහැරව මෙම ඡායාරූපය මිලී පිල්කින්ටන් විසින් ගෙන ඇති අතර එය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.

ලුවී සිය පස්වන උපන්දිනයෙන් අනතරුව සිය සහෝදර සහෝදරියන් වන නව හැවිරිදි ජෝර්ජ් කුමරු සහ හත් හැවිරිදි චාලට් කුමරිය සමඟ බර්ක්ෂයර් හි ඇස්කොට් අසල පෞද්ගලික ලැම්බෲක් පාසලට ඇතුළත් වීමට නියමිත වන අතර මැයි 6 වන දින යෙදෙන රජුගේ රාජාභිෂේකය සඳහා සිය සහෝදර සහෝදරියන් හා එක්ව වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට පෙරහැරේ යාමට අපේක්ෂා කරන බවද මේහා සමගාමීව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි