×

ඉතාලියේ නගර 16කට රතු අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි රජය කියා තිබුණේ උදෑසන 11:00 සහ 18:00 අතර සෘජුව හිරු එළියෙන් වැළකී සිටින ලෙසත්, වැඩිහිටියන් හෝ අවදානමට ලක්විය හැකි අය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි.


පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඉතාලියේ නගර 16කට රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි රජය කියා තිබුණේ උදෑසන 11:00 සහ 18:00 අතර සෘජුව හිරු එළියෙන් වැළකී සිටින ලෙසත්, වැඩිහිටියන් හෝ අවදානමට ලක්විය හැකි අය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි.

ඉදිරි දින සඳහා රෝමය,ග්‍රිසිය, ඇතැන්ස් හි ඇක්‍රොපොලිස්, ෆ්ලෝරන්ස් සහ බොලොග්නා මෙන්ම ඇතුළු සංචාරක උණුසුම් ස්ථාන වෙත රතු නිවේදන නිකුත් කර ඇති අතර තාප තරංග දැනටමත් වෙනදාට වඩා දිගු කාලයක් පවතින අතර රාත්‍රී කාලයේත් උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතී.

ඉතාලි කාලගුණ විද්‍යා සංගමය විසින් වත්මන් තාප තරංගය Cerberus හෙවත් හිස් තුනේ රාක්ෂයකුට සමාන කර ඇති අතර ග්‍රීක පුරාවෘත්තවල එන පාතාල ලෝකයට ආත්මයන් ලබා දුන් චාරොන් ලෙස නම් කරන ලද මීළඟ තාප තරංගය එළැඹෙන සතියේ එන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි