×

රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගය Nord Stream 1 වසා දැමේ

පුටින්ගේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් රුසියාව නල මාර්ගයෙන් ගෑස් සැපයීම අත්හිටවූ බවයි.


රුසියානු රජය සතු බලශක්ති දැවැන්තයා වන Gazprom විසින් Nord Stream 1 නල මාර්ගයේ වසා දැමීම ඉදිරි දින තුන සඳහා පවතිනු ඇති බවට වාර්තා වේ.

Nord Stream 1 නල මාර්ගය ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළ තීරයේ සිට ඊසානදිග ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යට කිලෝමීටර් 1,200 (සැතපුම් 745) විහිදේ. එය 2011 දී විවෘත කරන ලද අතර, රුසියාවේ සිට ජර්මනියට දිනකට ගෑස් ඝන මීටර් මිලියන 170 ක උපරිමයක් යැවිය හැකිය.


ජූලි මාසයේද රුසියාව විසින් මෙම ගෑස් නල මාර්ගය දින 10කට වසා දැමූ අතර ගෑස් සැපයුම 20%කින් අඩු කරන ලදි. මෙවරද හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් නල මාර්ගය වසා දමන බව රුසියානු රජය විසින් නිවේදනය කර තිබේ. බටහිර රටවලට එරෙහි යුද අවියක් ලෙස බලශක්ති සැපයුම් භාවිතා කළ බවට රුසියාවට කරන චෝදනා ඔවුන් විසින් ප්‍රතික්ෂප කර ඇති අතර පසුගිය වසර තුල දැනටමත් තියුනු ලෙස ඉහල ගොස් ඇති ගෑස් මිල තවදුරටත් ඉහල දැමීමේ උත්සාහයක් ලෙස රුසියාව විසින් සැපයුම නැවැත්වීම දීර්ඝ කරනු ඇතැයි යුරෝපීය නායකයෝ බිය වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එහෙත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් රුසියාව නල මාර්ගයෙන් ගෑස් සැපයීම අත්හිටවූ බවයි.

කෙසේ නමුත් පසුගියදා BBC විසින් වාර්තා කර තිබුණේ ෆින්ලන්ත දේශසීමාව අසල කම්හලක රුසියාව දිනකට ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 10 (පවුම් මිලියන 8.4) වටිනා ගෑස් පුළුස්සා දමන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි