×

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

1973 දී චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ස්වදේශික ඇමරිකානුවන්ට ලැබුණු දුර්වල සැලකීමට විරෝධය පළ කරමින් නළු මාලන් බ්‍රැන්ඩෝ "ද ගෝඩ් ෆාදර්" චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂප කරන ලදී. ඔහුගේ මෙම පණිවුඩය වේදිකාවට එදින ගෙන ගියේ සචීන් ලිට්ල් ෆෙදර්ය.


ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් සිය ආදිවාසී අයිතීන් වෙනුවෙන් පුද්ගලික පහරදීම් වලට පවා ලක්ව, වෙනස්කොට සැලකීමේ අපහාසයන් විඳදරාගත් ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිනියකි.

ඇය පසුගිය දා මිය යන විට පියයුරු පිළිකාවෙන් පෙළුණු අතර 75වන වියේ පසු විය.

1973 දී චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ස්වදේශික ඇමරිකානුවන්ට ලැබුණු දුර්වල සැලකීමට විරෝධය පළ කරමින් නළු මාලන් බ්‍රැන්ඩෝ “ද ගෝඩ් ෆාදර්” චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂප කරන ලදී. ඔහුගේ මෙම පණිවුඩය වේදිකාවට එදින ගෙන ගියේ සචීන් ලිට්ල් ෆෙදර්ය. එහිදි ඇය පුද්ගලික පහරදීම් හා අපහාසයන් වලට පවා ලක්වන්නට සිදු විය. මේ සම්බන්ධයෙන් ඔසුකාර් ඇකඩමිය විසින් වසර 50කට පසු පසුගියදා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර, ලොස් ඇන්ජලීස් හි පැවති උත්සවයකදී සංවිධානය ඇයට ගෞරවද දැක්වීය. ඉන් සති දෙකකට පසුව ඇයගේ මරණය සිදු විය.


ලොස් ඇනිජලීස්හි පැවැති උත්සවයේදී සචින් ලිට්ල් ෆෙදර් ප්‍රකාශ කර තිබුණේ මම එතනට ගියේ ඇත්ත කතා කරන්න අභිමානවත් ඉන්දියානු කාන්තාවක් වගේ ගෞරවාන්විතව, ධෛර්යයෙන්, කරුණාවෙන් සහ නිහතමානීව මම දැනගෙන හිටියා මට ඇත්ත කතා කරන්න ඕනේ කියලා. සමහර අය ඒක පිළිගන්න පුළුවන්. සමහර අය පිළිගන්නේ නැහැ යනුවෙනි.

වසර 50කට පමණ පෙර ඔස්කාර් සම්මාන උලෙළේදී ඇය කළ කතාව ගැන විමසූ විට ඇය බීබීසීයට පවසා තිබුණේ මම මා වෙනුවෙන් පෙනී සිටියේ නැත. මම එහි සිටින සියලුම ස්වදේශික හමුදාවන් නියෝජනය කළෙමි. සියලුම ආදිවාසී ජනතාවයි. මක්නිසාද යත් අපව මීට පෙර කිසි දිනෙක ඒ ආකාරයෙන් අසා නොතිබුණි යනුවෙනි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි