×

ආසියාව තුළ පැතිර යන අබිරහස් වෛරසයෙන් දෙවන පුද්ගලායාත් මිය යයි!

තවත් ආසියානු රටවල් දෙකක විශාල වියසනයක් ඇති කළ අබිරහස් වෛරසයකින් දෙවන පුද්ගලයා චීනයේ දී මියගොස් ඇති බව බලධාරීහු පවසති.


තවත් ආසියානු රටවල් දෙකක විශාල වියසනයක් ඇති කළ අබිරහස් වෛරසයකින් දෙවන පුද්ගලයා චීනයේ දී මියගොස් ඇති බව බලධාරීහු පවසති.

මධ්‍යම චීන නගරය වන වුහාන්හිදී 69 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය බදාදා මිය ගිය බව ප්‍රාදේශීය බලධාරීහු පැවසූහ. වුහාන්, මාරාන්තික SARS රෝග කාරකය ලෙස එකම පවුලෙන් කිරීටක වෛරසයක් පැතිරීමේ කේන්ද්‍රස්ථානය යැයි සැලකේ.

2002-2003 කාලය තුළ චීනයේ පුද්ගලයින් 349 ක් සහ හොංකොං හි 299 දෙනෙකු මිය ගිය SARS (උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය) සමඟ ඇති සම්බන්ධය නිසා මෙම වසංගතය පිළිබදව අනතුරු ඇඟවීමට හේතු වී තිබේ. මේවන විට චීන වැසියන්ගෙන් 41ක් මේ වෛරසයට සම්බන්ධ ඇතැයි සැක කෙරෙන නිවුමෝනියාවෙන් පිඩාවට පත්ව සිටියි.

පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වුහාන් සෞඛ්‍ය කොමිසම පවසයි.

මියගිය පුද්ගලයා දෙසැම්බර් 31 වන දින අසනීප වී ඇති අතර දින පහකට පසු ඔහුගේ තත්වය නරක අතට හැරී ඇති අතර ඔහුට ක්ෂය රෝගය වැලදී ඇතැයි සැක කර ඇති අතර එමෙන්ම ඔහුගේ විවිධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වයට හානි සිදුවී ඇති බව කොමිසම පවසයි.

මෙම රෝගයේ රෝග කාරකයා හෝ වාහකයා තවමත් සොයාගෙන නොමැති අතර තවදුරටත් ඒ පිලිබද පරීක්ෂණ කෙරෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි