×

”ආයුබෝවන් යුක්රේන වැසියනි, අපි රුසියාවෙන්” – පුටින්ගේ යුධ සැළසුම් වෙනස් නොවන ලකුණු

මෙම සමුළුව චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් අතර "මහා පරිමාණ දේශපාලන වෙනස්කම් පසුබිමට එරෙහිව" ක්‍රියාත්මක විය.


සැප්තැම්බර් මස 15-16 දෙදින පුරා සමර්කන්ඩ්හි පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධාන (SCO) සමුළුවේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ මෑත කාලීන ප්‍රතිප්‍රහාරය හමුවේ රුසියාවේ සැලසුම් වෙනස් නොවන බවට ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සමුළුව චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් අතර “මහා පරිමාණ දේශපාලන වෙනස්කම් පසුබිමට එරෙහිව” ක්‍රියාත්මක විය.

පසුගිය දා යුක්රේනය විසින් රුසියා හමුදා භාරයේ පැවැති යුක්රේනයේ ඊසානදිග Kharkiv ප්‍රදේශයේ දින හයක් තුළ වර්ග කිලෝමීටර 8,000 අත්පත් කර ගනු ලැබීය. මේ පිළිබඳ අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඊසානදිග Kharkiv ප්‍රදේශය අත්පත් කර ගැනීම වෙනුවෙන් තමා ඉක්මන් නොවන බවයි. යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ ප්‍රහාරය දිගටම පවතින බවත්, රුසියාව මෙතෙක් සිය සම්පූර්ණ හමුදාව යොදවා නොමැති බවත්, යුක්රේන ප්‍රහාර දිගටම පැවතුනහොත් වඩා බරපතල ප්‍රතිචාරයක් දක්වන තමා සූදානම් බවත් පුටින් මෙහිදී ප්‍රකාශ කර තිබිණ.


මෙතෙක් රුසියාව යුක්රේනයට එරෙහිව නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කර නොමැති අතර එහි ආක්‍රමණය “විශේෂ හමුදා මෙහෙයුමක්” ලෙස පමණක් සඳහන් කර ඇත.

නමුත් යුක්රේන ජනාධිපතිවරයා රුසියානු හමුදාව විසින් ”ආයුබෝවන් යුක්රේන වැසියනි අපි රුසියාවෙන්” ලෙස සඳහන් කර තිබූ ඊසානදිග Kharkiv ප්‍රදේශය නැවත යුක්රේනයට ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ අතර රුසියාවට එරෙහිව අඛණ්ඩව සිය ප්‍රහාර දියත් කරන බවත්, යුක්රේනය මුළුමනින්ම නිදහස් කර ගන්නා බවත්, අනතුරු අඟවා තිබිණි.

ෂැංහයි සහයෝගිතා සංවිධාන (SCO) සමුළුවේදී වැඩිදුරටත් චීනයේ ජනාධිපති ෂී ජින්පින් හමුවූ රුසියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල ආධිපත්‍යට හා නොසලකාහැරීම්වලට එරෙහිව ආසියාවේ රටවල් ශක්තිමත් විය යුතු බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී ප්‍රකාශ කර තිබුණේ මේ කාලය යුද්ධයක් සඳහා සුදුසු කාලයක් නොවන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි