×

ප්‍රංශයේ පිහි ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුව 6 දෙනෙකුට තුවාල

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි සිරියානු සරණාගතයෙකු බව අනාවරණය වේ.


ප්‍රංශයේ ගිනිකොනදිග ඇනෙසි නගරයේ චතුරශ්‍රයකදී එල්ල කරන ලද පිහි ප්‍රහාරයක් හේතුවෙන් දරුවන් 4 දෙනෙකු ඇතුළුව වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව පිහි ප්‍රහාරයට ලක්වූ දරුවන් අවුරුදු 3ක් තරම් කුඩා අවධියේ වන අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය අසාධ්‍ය වන බව වාර්තා වේ. පොලිසියේ ඉතා කඩිනම් මැදිහත්වීම මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි සිරියානු සරණාගතයෙකු බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් රටම කම්පනයට පත්ව ඇති අතර, මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙය අතිශය බියගුලු ක්‍රියාවක් වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි