×

රුසියානු හමුදා අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස් කෙරේ.

ඔවුන් සිර කරුවන් වශයෙන් රඳවා ගනිමින් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගනිමින් විවිධ වද හිංසාවන්ට ලක් කර ඇත.


යුක්රේනය විසින් Izyum නගරය නැවත අත්පත් කර ගැනීමත් සමඟ රුසියානු අත්අඩංගුවේ සිටි ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු නිදහස් කර ඇති පුවතක් වාර්තා වේ.

මෙම පිරිස බෙහෝ විට අධ්‍යාපන හෝ රැකියා අවස්ථා වෙනුවෙන් යුක්රේනයට ගොස් සිටි අතර පසුගිය මැයි මාසයේ ඔවුන් රුසියානු හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. මෙම පිරිස ඊසානදිග යුක්රේනයේ කුපියන්ස්ක් හි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් කිලෝමීටර් 120ක් (සැතපුම් 75ක්) පමණ දුරින් පිහිටි කාර්කිව්හි ආරක්ෂා පතා පා ගමනින් යන අවස්ථාවේදී රුසියානු හමුදා භාරයට පත්ව ඇත.

රුසියානු හමුදාව විසින් දෑත් බැඳ, රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි Vovchansk නගරයේ යන්ත්‍ර උපකරණ කම්හලකට රැගෙන ගොස් එහිදී ඔවුන් සිර කරුවන් වශයෙන් රඳවා ගනිමින් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගනිමින් විවිධ වද හිංසාවන්ට ලක් කර ඇත. මෙම පිරිස ඉතා සුළු ආහාර වලින් දිවි ගලවා ගෙන ඇති අතර, දිනකට විනාඩි දෙකක් පමණක් වැසිකිළි යාමට හා ස්නානය කිරීමට අවසර දුන් බව පැවසේ.

යුක්රේන හමුදාව නැගෙනහිර යුක්රේනයේ Vovchansk ඇතුළු ප්‍රදේශ යළි අත්පත් කර ගැනීම ආරම්භ කළ විට ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට නිදහස ලැබුණු අතර හේතුවන් නැතිව නිරන්තර පහරකෑම්වලට ලක් වූ මෙම පිරිසගේ පැමිණෙන්නේ රුසියානු ආක්‍රමණික හමුදා විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා පිළිබඳ තවත් බොහෝ වාර්තා සමඟිනි. නමුත් රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම හෝ යුද අපරාධ සිදු කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂප කර ඇත.

පසුගියදා යුක්රේනය Izyum අසල වනාන්තරයකින් සුමූහ මිනී වලක් සොයා යනු ලැබූ අතර එහිද වද හිංසාවට ලක් කර මරා දමන ලද මෘත දේහ හමුවී තිබේ. කෙසේ නමුත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ රුසියානු හමුදාව භාරයේ පැවැති ප්‍රදේශ වලින් වදකාගාර 10ක් පමණ මේ වන විට සොයාගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි