×

තායිවානය, සමරිසි විවාහ නීතිගත කළ ආසියාවේ ප්‍රථම රට බවට පත්වෙයි!

තායිවාන පාර්ලිමේන්තුව අද (17) දින සමරිසි විවාහ හා සමවාය (සේම් සෙක්ස් යුනියන්ස්) නීතිගත කිරීමේ යෝජනාව සම්මත කරමින් එම ජයග්‍රහණය ලද ප්‍රථම ආසියාතික රට බවට තායිවානය පත් කළේය.


සමරිසි විවාහ හා සමරිසි සමවායන් (එක්ව ජීවත් වීම -යුනියන්ස්) පාර්ලිමේන්තු නීතියකින් සම්මත කළ ආසියාවේ පළමු රට බවට තායිවානය අද (17) පත්විය.

තායිවානය, සමරිසි යුවළවලට නීත්‍යානුකූල ලෙස විවාහ වීමේ අයිතිය ඇති බවට මුලින්ම තීරණය කළේ 2017 වසරේදී ය. නමුත් ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් මිස තායිවානයේ පාර්ලිමේන්තුව මගින් නොවේ.

එම ලිපිය මෙතැනින් –

In 2017, the island’s constitutional court ruled that same-sex couples had the right to legally marry.

නමුත් මෙය පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම මගින්, රටේ උත්තරීතරම නීති සාධන ආයතනයේ පිළිගැනීම ද අද පටන් සමරිසි සබඳතා සඳහා ලැබේ. තායිවාන පාර්ලිමේන්තුවට 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් මෙය නීතියක් හරහා සම්මත කර ගැනීමට වසර 2 ක කාලයක් ලබා දුන්නේය. එය කාලය මැයි 24 වැනිදායින් අවසන් වීමට නියමිත ව තිබූ අතර, ඔවුන් එයට ගරු කරමින්, එයට සතියකට පෙර පුරවැසියන් වෙනුවෙන් සිය යුතුකම ඉටු කර තිබේ.

පුද්ගලයන් දෙදෙනෙක් එක්ව ජීවත් වීම නීතියේදී හඳුන්වන්නේ ‘සමවාය‘ (යුනියන්) නමිනි. තායිලන්ත පාර්ලිමේන්තුවේදී පා.මන්ත්‍රීවරු එකිනෙකට වෙනස් පනත් කෙටුම්පත් 3 ක් මගින් සමරිසි විවාහයන්/සමවායන් නීතිගත කිරීම ගැන පුළුල් විවාදයක් සිදු කළහ. එනම් මෙහිදී සොයා බැලුණේ මෙම පනත් කෙටුම්පත් 3 අතරින් මෙම ගැටළුව ආමන්ත්‍රණය කරන වඩාත්ම ප්‍රගතිශීලී පනත් කෙටුම්පත කුමක්ද යන්නයි. ඒ අනුව වඩාත්ම සාධනීය ගති ලක්ෂණ සහිත පනත් කෙටුම්පත අවසානයේදී වැඩි ඡන්දවලින් සම්මත කර ගන්නා ලදී.

Gay rights supporters celebrate outside Parliament after lawmakers legalised same-sex marriage bill
Gay rights activists bearing umbrellas and rainbow flags erupted in joy as the ruling was announced | GETTY IMAGES

තායිපේ අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (Legislative Yuan) අසලට රැස්වූ සිය ගණනක් සමරිසි ක්‍රියාකාරීහු මහ වැසි ද නොතකා මෙම ඓතිහාසික තීරණය ලැබෙන තෙක් බලා සිටියහ. අවසානයේ ඔවුහු ජය ඝෝෂා නගන්නට පටන් ගත්හ. ඇතැමුන්ගේ දෙනෙත් සතුටු කඳුලින් පිරී ගොස් ඇති ආකාරය ද දැකගත හැකි විය.

67% ක ජනමතයක් ආපස්සට හැරවූ අගමැතිනියක්

නීතීඥවරියක් ද වන තායිවාන ජනපතිනී සායි ලින් වෙන් මෙසේ ට්වීට් කළාය. #ආදරයදිනුවා #LoveWon

මෙය නව නීතියක් වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන්නේ ජනපතිනිය විසින් සිය අත්සන යෙදූ පසුව ය. එය නොපමාව සිදුවනු ඇති. අලුත්ම වාර්තාවලට අනුව මැයි 24 දා පටන් මෙය ක්‍රියාත්මක භාවයට පත් වීමට නියමිත ය.

නීතීඥවරියක් ද වන තායිවාන ජනපතිනී සායි ලින් වෙන් |
http://www.president.gov.tw/Default.aspx?tabid=1580

තායිවානනයේ අති විශාල සමරිසි ප්‍රජාවක් හිඳිති. ආසියාවේ විශාලතම සමරිසි පැරේඩය (ගේ පැරේඩ්) පවත්වන්නේ ද තායිවානයේ ය. නමුත් වෛවාහක සමානාත්මතාවය (marriage equality) සම්බන්ධයෙන් තායිවානය තුළ මෙතෙක් පැවතියේ ඒකමතික භාවයක් නොවේ. උදාහරණයක් වශයෙන්, පසුගිය නොවැම්බරයේ පැවති ජනමත විචාරණයේදී තායිවාන ජනතාවගෙන් 67%ක්ම සමරිසි විවාහ ප්‍රතික්ෂේප කිරීම සඳහා සිය මනාපය පළ කර තිබිණි. විචාරකයන් මෙම සිදුවීම හැඳින්වූයේ තායිවානයේ ප්‍රගතිශීලී අගමැතිනියගේ ද දේශපාලන ජීවිතය අස්ථාවර කළ සිදුවීමක් ලෙස ය. නමුත් එතැන් පටන් මාස 6 ක් ඉක්ම යන තැන, ඇගේ දේශපාලන නායකත්වය, ජනතා නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා දිනා ගැනීමට සමත් වී තිබේ. තායිවාන අගමැතිනිය ලෝකයේ සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ නොමැකෙන චරිතයක් බවට පත්වන්නේ මේ සන්දර්භය තුළ ය.

මේ අතර තායිවානයේ සමරිසි ක්‍රියාකාරීන් ද එම මාස හය තුළ ජන මතය වෙනස් කිරීම සඳහා යුද්ධයක් කළ බව කීම සාධාරණ ය. සම්ප්‍රදායික මතධාරී කොන්සවේටිව්වාදීන් සමරිසි විවාහ වලට එරෙහිව ජනමත විචාරණයේද ප්‍රතිඵල පදනම් කර ගනිමින් විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යාමට පටන් ගත්තේය.

නව පනතෙන් සිදුවන්නේ කුමක්ද?

එම සම්ප්‍රදායික අදහස් සහිත කොන්සවේටිව් වාදීන් තායිවාන පාර්ලිමේන්තුව තුළ ද එම ව්‍යාපාරයම දියත් කරමින් සිටියහ. ඔවුන් විසින් ද වෙනම පනත් කෙටුම්පත් 2 ක් ඉදිරිපත් කර තිබිණි. ඒවායින් යෝජනා කළේ සමවාය සම්බන්ධතා (partnerships) ‘සමරිසි පවුල් සබඳතා‘ – “same-sex family relationships” හෝ සමරිසි සමවායන්- “same-sex unions” ‘විවාහයන්‘ – “marriages” නොවන බවට ය. ඒ අනුව පෙර කී සමරිසි සබඳතාවල සිටින අයට, ‘විවාහ තුළ සිටින‘ විෂම ලිංගිකයන්ට‘ මෙන් වෛවාහක අයිතිවාසිකම් ලබාදිය යුතු නැති බවට ඔවුහු තර්ක කර සිටියහ.

නමුත් තායිවාන අගමැතිනියගේ පක්ෂය වන ‘ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය‘
Democratic Progressive Party මේ උවදුර කල් තියා දුටුවේය. පෙර කී පනත් කෙටුම්පත් දෙකට අභියෝග කරන තුන්වැනි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේ ඔවුන් විසිනි. එහි සමරිසි සම්බන්ධතා තුළ සිටිනවුන්ට වෛවාහක සමානාත්මතාවය පමණක් නොව සීමාසහිත ලෙස දරුවන් හදා වඩා ගැනීමේ (කුලවද්දා ගැනීමේ) අයිතිවාසිකම ද ලබාදෙයි.

සමරිසි අයිතිවාසිකම් පිළිබඳ මනා දැනුමක් සහිත ප්‍රකට තායිවාන සමරිසි ක්‍රියාකාරීන් ගණනාවක් ද, ඔවුන්ට එකඟ විය හැකි නීතිය ලෙසට මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබිණි.

අවසානයේ, ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත, එකී ප්‍රගතිශීලී විධිවිධාන සහිත, සමරිසි විවාහ නීතිගත කරන පනත් කෙටුම්පත 66-27 ක් ලෙස වැඩි ඡන්ද ගණනකින් තායිවාන පාර්ලිමේන්තුවේදී සම්මත විය.

රතු පැහැ පසුබිමේ නිල් කොටුවක් මත රිදී පැහැයෙන් සූර්යයා බබළන පුංචි දූපත – තායිවානය, ලෝක සමරිසි ව්‍යාපාරයේ නොමැකෙන සන්ධිස්ථානයක් සටහන් කළේ ඒ අනුව ය.

තායිවාන ජාතික ධජය | Wikimedia

දැන් කුමක් වේවිද?

නව පනත මැයි 24 වැනිදා පටන් බලාත්මක වීමට නියමිත අතර, එය ‘සමරිසි විවාහ නීතිගත කිරීමේ විශේෂ නීතිය‘ ලෙස කළ එළි බසිනු ඇත. එසේම දැනට තායිවානයේ ස්ත්‍රී පුරුෂ, එනම් විෂම ලිංගික විවාහයන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන සාමාන්‍ය සිවිල් විවාහ නීතිය සංශෝධනය වීමක් සිදුනොවනු ඇත. එසේම විවාහය සම්බන්ධයෙන් සිවිල් නීතියේ පවතින අර්ථ නිරූපණය ද මේ නිසා වෙනස් නොවනු ඇත. ඒ අනුව, තායිවානය තුළ පවා, සමරිසි විවාහය සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් සොයාගැනීමට සිදුවන්නේ අලුත් විශේෂ නීතිය තුළින් මිස දැනට පවතින සාමාන්‍ය සිවිල් නීතිය තුළින් නොවේ.

Twitter post by @iingwen

On May 17th, 2019 in #Taiwan#LoveWon. We took a big step towards true equality, and made Taiwan a better country. 🏳️‍🌈— 蔡英文 Tsai Ing-wen (@iingwen) May 17, 2019



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි