×

Texas හි අයෙක්ට ආවේශ වූ මාරයා!

පුද්ගලයෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 5 දෙනෙක් මරු තුරුළට ගිය සටහනක් ටෙක්සාස් වලින් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ටෙක්සාස් හි ක්ලීව්ලන්ඩ් නගරයේ සිටි ඝාතකයාගේ අසල්වැසියන් පස් දෙනෙකු වන අතර සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ දියත් වේ.ඝාතනකරු 38 හැවිරිදි Francisco Oropeza ය. අට හැවිරිදි පිරිමි ළමයෙකු සහ නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු ඇතුළු පස් දෙනෙකු මිය […]


පුද්ගලයෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 5 දෙනෙක් මරු තුරුළට ගිය සටහනක් ටෙක්සාස් වලින් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ටෙක්සාස් හි ක්ලීව්ලන්ඩ් නගරයේ සිටි ඝාතකයාගේ අසල්වැසියන් පස් දෙනෙකු වන අතර සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ දියත් වේ.
ඝාතනකරු 38 හැවිරිදි Francisco Oropeza ය.

අට හැවිරිදි පිරිමි ළමයෙකු සහ නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගිය අයවලුන් අතර වන අතර වෙඩි තැබීමෙන් පැය 15 කට වැඩි කාලයක් ගත වූ පසුව ද තුවක්කුකරු නිදැල්ලේ සිටි බව දක්නට ලැබී ඇත.

ඔවුන් නිදා ගැනීමට උත්සාහ කළ නිසා ඔහුගේ මිදුලේ වෙඩි තැබීම නතර කරන ලෙස ෆ්‍රැන්සිස්කෝ ඔරොපේසාගෙන් ඉල්ලා සිටි විට, ඔහු තම අසල්වැසියන්ට මාරාන්තික ලෙස වෙඩි තබා ඇති බව බලධාරීහු පවසති.

මෙවන් දේ සිදුවන ලෝකයේ තුවක්කුව යනු සෙල්ලම් බඩුවක් ද? යන පැනය නැවත නැවතත් අපිට ටොකු අනියි. ඔබට මතක ඇති මීට පෙරත් අපි ගිනි අවි ඛේදවාචකය පිළිබඳ අපි කතා කළා! ඒත් ඒවා ඇමෙරිකාවේ ඈයොන්ටනම් තවමත් ඇස් ඇර බැලීමට තරම් දෙයක් නොවී ඇති බව මේ දිනෙන් දින වර්ධනය වන ගිනි අවි සෙල්ලම් සාක්ෂි දරයි. ලෝකයේ අනෙකුත් රටවල පවතින ගිනි අවි බිය ඇමෙරිකාවට මෙතරම් සුළුපටු වූයේ කෙසේ ද?..

බලධාරීනී කවදා ද ඔබේ ඇස් ඇරෙන්නේ?!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි