×

යුරෝපා පාර්ලිමේන්තුව විසින් රුසියාව ‘ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහකයා’ ලෙස නම් කරයි.

ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව සහ පෝලන්තය යන රටවල් රුසියානු ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහකයන් ලෙසද නම් කර ඇත.


ඊයේ දිනයේදී (23) රැස්වන ලද යුරෝපා පාර්ලිමේන්තුව විසින් රුසියාව යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කොට කරනු ලබන සාහසික ක්‍රියා, මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් හේතුවෙන් ‘රුසියාව ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහකයෙකු’ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවේ සඳහන් වූයේ, යුක්රේනයේ සිවිල් ජනතාවට එරෙහිව රුසියානු සමූහාණ්ඩුව විසින් හිතාමතාම සිදු කරන ලද ප්‍රහාර සහ ම්ලේච්ඡ ක්‍රියා, සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම සහ අනෙකුත් බරපතල මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වශයෙනි. මේ වෙනුවෙන් සාමාජිකයින් 494 ක් පක්ෂව ඡන්දය දුන් අතර 58 ක් විරුද්ධව සහ 44 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ලැබීය.

බොහෝ විට නීතිමය රාමුවක් නොමැති බැවින් මෙම පියවර සංකේතාත්මක විය හැකි මුත්, මේ වන විට යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය දැනටමත් රුසියාවට පෙර නොවූ විරූ සම්බාධක පනවා ඇත.


එමෙන්ම යුරෝපීය පාර්ලිමේන්තු පර්යේෂණ සේවයට අනුව, ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව සහ පෝලන්තය යන රටවල් රුසියානු ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහකයන් ලෙසද නම් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි