BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

හයිටියේ උද්ධමනය 29% ඉහළට ; විරෝධතාකරුවන් අගමැති ඒරියල් හෙන්රිට ගෝ හෝම් කියයි.

නිල සංඛ්‍යා දත්ත වාර්තාවන්ට අනුව රට තුළ උද්ධමනය සියයට 29% ඉහළ ගොස් ඇති අතර සහල් වැනි මූලික භාණ්ඩවල මිල හතර ගුණයකින් වැඩිවී ඇති බව වාර්තා වේ.

අනාරක්ෂිත භාවය සහ ඉහළ යන ජීවන වියදම් සම්බන්ධයෙන් හයිටියේ දහස් ගණනින් විරෝධතාකරුවන් වීදිබැස ඇති අතර අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ වේ.

2021 ජූලි මාසයේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනයෙන් නරක අතට හැරුණු පුලුල්ව පැතිරුනු දේශපාලන අස්ථාවරත්වයෙන් ජාතිය දිගින් දිගටම පසුබෑම නිසා, මෑත මාසවලදී හයිටියේ කල්ලි ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් ඉහළ ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායම් පාලනය සඳහා තරඟ වදින බැවින්, පසුගිය මාසයේ, දහස් ගණන් ජනයා ආහාර සහ ජලය සඳහා ප්‍රවේශයක් නොමැතිව කොටු වී සිටි බව, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් කණ්ඩායම විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් සති දෙකකටත් අඩු කාලයකට පසු බලයට පත් වූ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කරන අතර හයිටියේ Cap-Haitien, Petit-Goave සහ Jacmel ඇතුළු නගර රැසක අගමැතිට එරෙහිව විරෝධතා පැවැත්විණි.

මේ වන විට හයිටියේ බරපතල පෙට්‍රල් හා ඩීසල් ප්‍රශ්නයක් ඇති අතර ගෑස් සංචිත ද අඩු වෙමින් පවතියි. පෙට්‍රල් ගැලුමක වටිනාකම ඩොලර් 15 (ලීටරයක් ​​ඩොලර් 0.264) වේ. නිල සංඛ්‍යා දත්ත වාර්තාවන්ට අනුව රට තුළ උද්ධමනය සියයට 29% ඉහළ ගොස් ඇති අතර සහල් වැනි මූලික භාණ්ඩවල මිල හතර ගුණයකින් වැඩිවී ඇති බව වාර්තා වේ.

1804 දී ප්‍රංශයෙන් හයිටි නිදහස දිනා ගත් අතර 1791 වහල් නැගිටීමේ සංවත්සරයට සමඟාමීව ඊයේ දිනයේ විරෝධතා පැවැත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබු‌ණේ.

සශිකලා මධුෂාණී_


ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

error: Content is protected !!
error: Content is protected !!