×

කාශ්මීරයේ හමුදා මෙහෙයුමකින් ඉන්දීය සොල්දාදුවන් දෙදෙනෙක් මරුට

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය හමුදාව ප්‍රකාශ කර තිබුණේ ත්‍රස්තවාදීන් ප්‍රතිප්‍රහාරයක් ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කළ බවත් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය.


මතභේදාත්මක කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වූ මෙහෙයුමකදී ඉන්දීය සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයේදී නාදුනන වෙඩික්කරුවකු විසින් ඉන්දීය හමුදාවන්ට වෙඩි තැබීමෙන් අවම වශයෙන් සොල්දාදුවන් පස් දෙනෙකු මිය යාමත් සමඟ ඉන්දීය ආරක්ෂක හමුදා හිමාලයානු කලාපයේ රාජෝරි අංශයේ විවිධ මෙහෙයුම් දියත් කළ අතර එහිදී හමුවූ ආයුධ සන්නද්ධ සටන්කාමීන් අතර ඇති වූ ගැටම මෙම මරණවලට හේතු විය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය හමුදාව ප්‍රකාශ කර තිබුණේ ත්‍රස්තවාදීන් ප්‍රතිප්‍රහාරයක් ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කළ බවත් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය.

කාශ්මීරය ඉන්දියාවේ හා පකිස්ථානයේ මතභේදයන්ට මුල්ව ඇති අතර න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා එය මේ වන විට කොටස් වශයෙන් පාලනය කරනු ලැබේ. 1990 ගනන්වල දිල්ලියට එරෙහිව කැරැල්ලක් පවා කාශ්මීරයේ ඇති වූ අතර 2019 අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලනය අහෝසි කර එය කාශ්මීරය, ජම්මු සහ ලඩාක් යන ෆෙඩරල් ප්‍රදේශ දෙකට බෙදන ලදි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි