×

එංගලන්තයේ කාලගුණය පිළිබඳ හදිසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.

ඉදිරි පැය 24 තුළ ගමනාගමනයට ද අපහසු තත්වයන් ඇති විය හැක.


ඉදිරි පැය 24 තුළ එංගලන්තය සහ වේල්සය, ස්කොට්ලන්තයේ දකුණු ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිත විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කහ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

සමහර ස්ථානවලට මිලිමීටර් 40 සිට 80 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, ඉදිරි පැය 24 තුළ ගමනාගමනයට ද අපහසු තත්වයන් ඇති විය හැක.
එමෙන්ම ගංවතුර හෝ අකුණු ගැසීමේ දී දුම්රිය සහ බස් සේවා වල ප්‍රමාදයන් ද ඇතිවිය හැකි අතර විදුලිය විසන්ධි විමේ වැඩි අවධානමක් ද ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි