×

‘සොබාදහම ආරක්ෂා කිරීම වැනි මූලික දෙයක් ගැන ලෝකයක් ලෙස අපට එකඟ විය නොහැකි නම්, වෙන කිසිවක් වැදගත් නොවේ.’- ජස්ටින් ටෘඩෝ

මේ වන විට ‌ලොක්යේ විශේෂ මිලියනයක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර භූමියෙන් තුනෙන් එකක සාරවත් පස අහිමිවෙමින් ඇත.


එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුව මොන්ට්‍රියල් හි දෙසැම්බර් මස 7-19 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් එක්රැස් වීමට නියමිතය. පරිසර පද්ධති පිරිහීම නිසා සිදුවන ආර්ථික හානීන් 2030වන විට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 3ක් ලෙස ගණන් බලා ඇති අතර මෙම සමුළුව මඟින් ඉදිරි දශකය සඳහා ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සංරක්ෂණය, ආරක්ෂාව, ප්‍රතිසංස්කරණය සහ තිරසාර කළමනාකරණය සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ වන විට ‌ලොක්යේ විශේෂ මිලියනයක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර භූමියෙන් තුනෙන් එකක සාරවත් පස අහිමිවෙමින් ඇත. දූෂණය සහ දේශගුණික විපර්යාස මෙම හානිය වේගවත් කරමින් ඇත.

පසුගිය අඟහරුවාදා (06)දින ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියට (CBD) පක්ෂ සම්මේලනයේ (COP15) 15 වැනි රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ අසමාන ආර්ථික වර්ධනයන් වෙනුවෙන් නොසන්සිඳෙන රුචිය හේතුවෙන් මානව වර්ගයා වඳ වෙමින් පවතින බවයි.

ඔහු මෙහිදී ලෝක පරිසර පද්ධති සෙල්ලම් බඩු ලෙස යොදා ගන්නා බහු ජාතික සමාගම්වලට දෝෂාරෝපණය කළ අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ව්‍යසනකාරී ප්‍රතිඵල ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීය. එමෙන්ම ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේ මේ වන විට අප සොබාදහමට සලකන්නේ වැසිකිලියකට මෙන් බවයි. ඒ අනුව මේ වන විට ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් සියයට 17ක් පමණ යම් ආකාරයක ආරක්ෂාවක් යටතේ පවතින අතර, ගෝලීය සාගරයෙන් ආරක්ෂා වී ඇත්තේ සියයට 8කටත් අඩු ප්‍රමාණයකි. පෘථිවියේ ඉතිරිව ඇති ජෛව විවිධත්වයෙන් සියයට 80න් පමණ ආදිවාසීන්ගේ මැදිහත්වීම මත දැඩි ලෙස රඳා පවතියි.

දේශගුණික උනුසුම් විමෝචනය මැඩපැවැත්වීම, පළිබෝධනාශක ඉවත් කිරීම සඳහා කාල සීමාවක් පැනවීම, සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසර තත්වයන් යථා තත්වයට පත් කිරීමට අරමුදල් සපයන්නේ කෙසේද යන්න මෙවර සාකච්ඡා කිරීමට අපේක්ෂිත දුෂ්කරම ක්ෂේත්‍රවලින් සමහරකි.

මේ වන විට සමුළුව වෙනුවෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ හැරුණු විට ලෝක නායකයින් නොපැමිණීම නිසා බලාපොරොත්තු දැනටමත් පහව ගොස් ඇත. ටෘඩෝ මෙහිදී ජාත්‍යන්තර සභාව අමතමින් ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් කැනඩාව ඩොලර් මිලියන 350ක් යෙදවීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ සොබාදහම ආරක්ෂා කිරීම වැනි මූලික දෙයක් ගැන ලෝකයක් ලෙස අපට එකඟ විය නොහැකි නම්, වෙන කිසිවක් වැදගත් නොවනු ඇති බවයි.

COP15 හි දැනට සභාපතිත්වය දරන්නේ චීනය වන මුත් රටතුළ පවතින COVID වසංගතය හේතුවෙන් රැස්වීමට සත්කාරකත්වය නොදක්වයි. චීනය කුන්මිං නගරයේ සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ නමුත් COVID හේතුවෙන් උත්සවය සිවි වතාවක් කල් යන ලදි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි