×

ඇමරිකාවට උෂ්ණාධික තාප තරංග පිළිබඳ යලි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මෙම උණුසුම ලබන සතිය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ෆ්ලොරිඩා, ටෙක්සාස්, කැලිෆෝනියා සිට වයඹදිග වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අවම වශයෙන් ඇමරිකානුවන් මිලියන 113ක පමණ ජනතාවක් අධික තාපතරංග අත් දකිනු ඇති බව ජාතික කාලගුණ සේවය (NWS) ප්‍රරෝකතනය කර තිබේ.

ඒ අනුව 110F (43C) ට වැඩි උෂ්ණත්වයක් අත්විඳිනු ඇති බවට විශ්වාස කරන අතර මෙම උණුසුම ලබන සතිය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධික උෂ්ණත්වය හේතුවෙන් ටෙක්සාස්හි වායු සමීකරණ භාවිතය ඉහළ ගොස් ඇති අතර විදුලි පරිභෝජනය සඳහා ප්‍රාන්තය ඉහළින්ම සිටියි.

ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල උද්‍යාන, කෞතුකාගාර, සත්වෝද්‍යාන සහ ව්‍යාපාර දැඩි උණුසුම හේතුවෙන් වසා දැමීම් හෝ පැය කෙටි කිරීම ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජනපදයේ තාපය හා සම්බන්ධ හේතූන් නිසා සෑම වසරකම පුද්ගලයින් 700 ක් පමණ මිය යන බවට ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි