×

ජීවිතය යදිමින් මියැදෙන ලොව ලොකුම දිය ඇල්ල වික්ටෝරියා… මේ නූගත් නින්දෙන් අප අවදි වන්නේ කවදාද?

දේශගුණික විපර්යාසයන් සැබෑ බව අපි කවුරුත් දනිමු, එය දැන් සිදුවෙමින් පවතී; අප සියලු දෙනා ජීවත්වන අතර අපගේ ජීවන රටාවට හා පෘථිවියට එහි විනාශකාරී බලපෑම් අත්විඳිමු. මෙම ස්වාභාවික විස්මයට ඇති තර්ජනය අපගේ නූගත් නින්දෙන් අපව අවදි කිරීමට යමක් කරනු ඇතැයි අපේක්ෂා කරමු,


ලොව විශාලතම දිය ඇල්ල , ‘ගිගුරුම් දෙන දුම’ හෙවත් වික්ටෝරියා… අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති දැඩි නියඟයෙන් පසු ජීවත් වීමට අරගල කරමින් සිටින්නීය.

සිම්බාබ්වේ සහ සැම්බියාව අතර දේශ සීමාවේ පිහිටා ඇති වික්ටෝරියා දිය ඇල්ල වියළි දේශ සීමාවේ පිහිටා ඇති වික්ටෝරියා දිය ඇල්ල සාමාන්‍යයෙන් නියග කාලවලදී මෙසේ ජලය නොමැතිව වියළී යෑම සිදු වන වාර්ථා වේ.

ඒ් නමුත් මෙවර උදා වී ඇත්තේ ඒවැනි සාමාන්‍ය තත්ත්වයක්නම් නොවේ. පසුගිය වසර වික්ටෝරියාව සිදී ගියේ අන් කවරදාකටත් වඩා වැඩියෙනි. කෙසේ වෙතත්, මේ වසරේ ජල ප්‍රවාහය අවම මට්ටමක පවතී.

වික්ටෝරියා දිය ඇල්ල මෙසේ වියැලීම දේශගුණික විපර්යාස සමඟ බැඳී ඇති බව සැම්බියානු ජනාධිපති එඩ්ගර් ලුන්ගු ගේ අදහසයි. ඔහු පවසන්නේ යම් දිනෙක ඒවා සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය හැකි බවයි.

වික්ටෝරියාවට උදාවී ඇති තත්ත්වය දේශ ගුණික විපර්යාස හේතුවෙන් මනුෂ්‍ය වර්ගයා මුහුණ දී සිටින බරපතලම ඛේදවාචකයක් බව පවසන ඒඩ්ගර් ලුන්ගු මෙසේ අසයි.

”බලවන්ත වික්ටෝරියා දිය ඇල්ල නොමැතිව සැම්බෙසි හරහා යන්නට අපට අවශ්‍ය නැත. ඒය බරපතල සේම අව්‍යාජ වූ ගැටළුවකි. මේ සියල්ලේ මූලික හේතු කාරකය දේශ ගුණික විපර්යාස යනු සැබෑ සිද්දියක් නොවන බව පවසන්නෝ ඒසේ කිරීම පුදුමයකි. මට පෙනෙන ලෙසට ඔවුන් ජීවත් වන්නේ වෙනම ලෝකයකයි.

”නමුත් ඔවුන් මෙන් නොව සැම්බියාවේ අප ජිවත්වන මේ ලෝකය දේශගුණික විපර්යාසයන්හී  අහිතකර බලපෑම ගැන අපට හොදින් කියා දෙනවා. තනි පුද්ගලයෙකුට පමණක් නොව සෑම පුද්ගලයෙකුටම එය බලපානවා.”

ඔහු ස්කයි නිවුස් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකදී ඒසේ පැවසීය.

සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල දෛනික විදුලි කප්පාදුව සිදුවන අතර තත්වය කෙතරම් දරුණු ද යත්, කාලයක් තිස්සේ සිදුවන දීර්ඝ නියඟය හේතුවෙන් රටම ආහාර හිඟයට මුහුණ දී සිටී. සැම්බියාවේ මිලියන දෙකකට වැඩි පිරිසක් සහ සිම්බාබ්වේහි මිලියන 7 ක ජනතාවක් කුසගින්නෙන් නින්දට යන්නේ කුසගින තුරුලු කරගනිමිනි.

සෙමෙන් සමුගනිමින් හිදින වික්ටෝරියාව යළි අවධි කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ඒහි සුන්දරත්වය ආදරයෙන් විඳ ඇති මිනිසුන්ට පමණක් බවද සැබ්මියානු ජනාධිපතිවරයා ‌‌‌ෙපෙන්වා ‌දෙයි.

“දේශගුණික විපර්යාස සමඟ දේශපාලනය කිරීමට අපට වෙලාවක් නැත. එය බරපතල ගැටළුවක් සහ අව්‍යාජ ගැටළුවක් වන අතර මිනිසුන් එය සුළු කොට තැකීමක් කර එය සත්‍ය නොවන බව පැවසූ විට අපි පුදුම වෙමු. ඔවුන් ජීවත් වන්නේ වෙනත් ලෝකයක නමුත් අපි සැම්බියාවේ ජීවත් වන මේ ලෝකය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් ඉතා අහිතකර ලෙස දැනෙන අතර ඒවා සෑම කෙනෙකුටම බලපානවා… සෑම කෙනෙකුටම. දේශ ගුණික විපර්යාසයන් නොපාළිගන්නා පුද්ගලයින්ට ඒරෙහිව ඔහු ඒසේ සිය විරෝධය දක්වයි.

වික්ටෝරියාවට උදාවී ඇති තත්ත්වය සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන සැම්බියානු ජනපතිවරයා සැම්බියානු ජනාධිපති එඩ්ගර් ලුන්ගු දක්වා ඇත්තේ දේශගුණික විපර්යාස අප අවට පරිසරයට මෙන්ම ජීවනෝපායට සිදු කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබද පැහැදී මතක් කිරීමක් සිදු කරයි.

දේශගුණික විපර්යාසයන් සැබෑ බව අපි කවුරුත් දනිමු, එය දැන් සිදුවෙමින් පවතී; අප සියලු දෙනා ජීවත්වන අතර අපගේ ජීවන රටාවට හා පෘථිවියට එහි විනාශකාරී බලපෑම් අත්විඳිමු. මෙම ස්වාභාවික විස්මයට ඇති තර්ජනය අපගේ නූගත් නින්දෙන් අපව අවදි කිරීමට යමක් කරනු ඇතැයි අපේක්ෂා කරමු, මන්ද එය සැබවින්ම අතුරුදහන් වුවහොත් එය විශාල ව්‍යසනයක ආරම්භය පමණක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි