‘මෙසී ඇති තැන ආර්ජන්ටිනාවට බලාපොරොත්තුවක් ඇත’ ; මෙක්සිකෝවට එරෙහිව පැවැති තරඟයේ ජය ආජන්ටිනාවට
ආජන්ටිනාවට නැවතත් ලෝක කුසලානය බලාපොරොත්තු සහගත විය.
කටාර්හි ලුසායිල් ක්‍රීඩාංගනයේ cකණ්ඩායමේ මෙක්සිකෝවට එරෙහිව පැවැති තරඟයේ 2-0 ලෙස තියුණු තරඟයක් ජයග්‍රහණය කිරීමට ආජන්ටිනාව සමත් විය.
මෙත් සමඟ ආජන්ටිනාවට නැවතත් ලෝක කුසලානය බලාපොරොත්තු සහගත විය.
88,966ක අජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ ඔල්වරසන් මැද 64වන මිනිත්තුවේදී ලයනල් මෙසී විසින් මෙක්සිකෝ ගෝල රකින ක්‍රීඩක ගිලර්මෝ ඔචෝවා පසුකර යාර 20ක සිට පහළ කෙළවරට නොවරදින වේගවත් පහරක් සමඟ ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය ලබා ගනු ලැබීය. අනතුරුව මෙසී හා එන්සෝ ෆර්නැන්ඩස් එක්ව දෙවන ගෝලයද ලබා ගැනීමට සමත් විය.
මෙහිදී බොහෝමයක් පාපන්දු රසිකයන් ප්‍රකාශ කර තිබුණේ “මෙසී ඇති තැන ආර්ජන්ටිනාවට බලාපොරොත්තුවක් ඇත.” යනුවෙනි.
සශිකලා මධුෂාණී_