×

ලොව උණුසුම්ම දිනය වාර්තා වේ

මීට පෙර මෙතරම් උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේ අගෝස්තු මාසයේ 16.92C (62.46F)ක් වශයෙනි.


එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථානවල දත්ත වලට අනුව ගෝලීය වශයෙන් උණුසුම්ම දිනය ඊයේ(04)දවසේ දී වාර්තා වී තිබේ.

එනම් ඊයේ දිනයේදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.01 (F62.62F) වෙත ළඟා ව ඇති අතර මීට පෙර මෙතරම් උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේ අගෝස්තු මාසයේ 16.92C (62.46F)ක් වශයෙනි.

උණුසුම් තාප තරංග ලොව පුරා ව්‍ය්ප්ත වී යාමට සාපේක්ෂව එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශය පසුගිය සති කිහිපය තුළ දැඩි උණුසුමකට ලක්විය. චීනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 (F95F) ට වඩා වැඩි වූ අතර, උතුරු අප්‍රිකාවේ එය සෙල්සියස් අංශක 50 (122F) ආසන්නයට වර්ධනය විය. පාරිසරික විද්‍යාඥයන් සඳහන් කරන්නේ, ඇන්ටාක්ටිකාවේ පවා ශීත ඍතුව විෂම ලෙස ඉහළ ගොස් ඇති බව යි.

ඉහළ යන උෂ්ණත්වය සම්බන්ධයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණික විපර්යාස සහ පරිසරය පිළිබඳ ග්‍රන්තම් ආයතනයේ දේශගුණ විද්‍යාඥ ෆ්‍රෙඩ්රික් ඔටෝ සඳහන් කර තිබුණේ, ඉහළ තාප තරංග මිනිසුන් හා පරිසරය සඳහා මරණ දඬුවමක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි