×

ලොව බලවත්ම අසුන දැරීම හෙවත් නොමිලේ උද්ධච්චකම බෙදා හැරීම

වසර සිය ගණනක් පුරා අසාමාන්‍ය ලෙස අපගෙන් අහිමි කළ කළු ජීවිත සූක්ෂම වර්ගවාදයේ හා දූෂිත තන්ත්‍රයන්ගේ ප්‍රතිඵලයක් බව දැන සිටීම මා කෝපාවිෂ්ඨ කරවයි.


මට මේ ගැන ගොඩක් දේවල් කියන්න තියනවා, එහෙත් මා කියන දෙයින් තවදුරටත් කේන්තිය — සාධරිනීකරණය කළ හැකි එකම චිත්තවේගයද එයයි — ප්‍රවර්ධනය වේ යැයි මා හට බියක් දැනෙන බව මුලින්ම කිව යුතුයි. තවදුරටත් ප්‍රචණ්ඩත්වය ලබා දෙන්න මා සූදානම් නැහැ, මා හට අවශ්‍ය විසඳුමක් ලබා දෙන්න. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය මෙන්ම වසර සිය ගණනක් පුරා අසාමාන්‍ය ලෙස අපගෙන් අහිමි කළ කළු ජීවිත සූක්ෂම වර්ගවාදයේ හා දූෂිත තන්ත්‍රයන්ගේ ප්‍රතිඵලයක් බව දැන සිටීම මා කෝපාවිෂ්ඨ කරවයි.

කළු ජාතික ප්‍රජාව නිහඬ කරවා අපමණ කලක් වන අතර, එම නිහැඬියාව මාරක වී ඇති බව නැවත නැවතත් පෙනී යයි. එයට විරෝධය පෑමට ඔවුන් කුමන දේ සිදු කළද, ඔවුන් ආරක්ෂා කිරීමට පත්කළ පාලකයක් ගේ කරුණාව තවමත් හිමි නොවන සැටියකි. සැමදා ඇමරිකාවේ සිටිනා මිනිසුන් වර්ගවාදීන් බවට පත්ව තිබේ. මෙය සත්‍යයකි.

මෙය කළු ජාතික ප්‍රජාවට, අනෙකුත් සියලුම ප්‍රජාවන්ගේ සහයෝගය ලැබිය යුතු තීරණාත්මක කාලයකි, එබැවින් දෙවියන්ගේ කරුණාවෙන්, හෝ ඔබ විශ්වාස කරන හෝ නොකරන ඕනෑම නිර්මාතෘවරයකු විසින් කියාදුන් දහමට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක් නවතා දැමීමට කාලය එළඹ තිබේ.

ජනපති ට්‍රම්ප් අසාර්ථක පුද්ගලයකු බව අප බොහෝ කලක පටන් දනිමු. කළු ජීවිත දිගින් දිගටම බිලිගන්නා මොහොතක, ඔහු හොබවන්නේ ලොව තිබෙනා බලවත්ම අසුනයි, එහෙත්, ලබාදෙන්නේ අන් කිසිවක් නොව නොදැනුවත්කම හා උද්ධච්චකමයි. ධුරයේ පිහිටවූ ද පටන් ඔහු මෝඩයකු හා වර්ගවාදියකු බව අප දන සිටියෙමු. වර්ගවාදය, හා වර්ගවාදී ක්‍රියා මුල්බැසගත් පද්ධතියක් තුළ සිටිනා ඔහු එයටම පොහොර දමනු ලබයි. අපට සිදුවන්නේ කුමක්ද කියා හොඳින් පෙනේ.

මේ වෙනසකට කාලයයි.

මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එකිනෙකා හට මෘදුව, කරුණාවෙන්, දයාවෙන් හා මෛත්‍රියෙන් කතා කරන ලෙසයි, එසේ කරමින්, මෙම ගැටළුවේ ඇති බරපතලකම පෙන්වා දෙමින්, අප ආදරය කරන මිනිසුන් වෙනුවට මේ පීඩාකාරී ක්‍රමවේදය විනාශ කර දමන ලෙසයි.

අප අපගේ ආදරය කළු ජාතික ප්‍රජාවට ලබා දිය යුතුයි. වරප්‍රසාදලාභී සුදු ජාතික කාන්තාවක් වශයෙන්, මම ඒ වෙනුවෙන් පෙනී සිටීමට දිවුරුම් දෙමි. වරප්‍රසාද ලත් ප්‍රජාවක් ලෙස අප වර්ගවාදයට එරෙහිව සටන් කිරීමට සහ එයින් මිය යන පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රමාණවත් තරම් ක්‍රියා කර නොමැත.

මෙය යුක්තිය නොවේ. මෙය අපගේ රට පිලිබඳ නිර්වචනයක් ලබා දෙන බොහෝ කළක පටන් ක්‍රියාත්මක වූ ඛේදවාචකයකි. මා හට දුකයි. මා හට කේන්තියි. වෙනස් කළ යුත්තේ කුමක්ද, එය හැකි තරම් ඵලදායී හා අවිහිංසාවදී අන්දමින් පැවසීමට මම වචන භාවිතා කරමි.

ලේඩි ගාගා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි