ඇමරිකාව ඉවත් වීම ඇරඹීමෙන් පසු පළමු තලෙයිබාන් ප්‍රහාරය බවට පත් ව තිබෙන්නේ කන්දහාර් පළාතට එල්ල කළ කාර් බෝම්බයකි.
මේ අතර, බටහිර දිග ක්වාලා අයි නාව් නගරයේ ද දරුණු සටන් නැවත උත්සන්න වී ඇත. මෙම නගරය, බාගිස් පළාතේ අගනගරය ලෙස සලකයි. එහිදී තලෙයිබාන් සටන්කාමීන් විසින් පොලිස් මූලස්ථානය මෙන්ම බුද්ධි අංශ කාර්යාල ද සිය ග්‍රහණයට ගෙන ඇත.
ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍ය බිස්මිල්ලා ඛාන් මොහොමදි පවසන්නේ ඇෆ්ගන් හමුදාව ‘‘ඉතා සංවේදී හමුදාමය තත්වයක්‘‘ වෙත යොමු වෙමින් සිටින බවයි.
‘‘තලෙයිබානය සමග යුද්ධය අධිවේගී කරනවා‘‘ යැයි ද ඔහු පැවසුවේය.
වසර ගණනාවක් තිස්සේ තලෙයිබාන් සංවිධානය විසින් පළාත්බද අගනුවරවල් වෙතට කලින් කලට ප්‍රහාර එල්ල කරමින් සිටියත්, ඇමරිකානු ගුවන් ප්‍රහාර සහ ඇෆ්ගන් පාබල හමුදාවේ ප්‍රහාර හේතුවෙන් ඔවුන් පසුබැස තිබිණි.
නමුත් ඇමරිකානු හමුදාව නිල වශයෙන් ඉවත් වීමත් සමග ඔවුන් දැන් නැවත වරක් වැඩ අරඹා ඇති බවක් පෙනී යයි.
ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටි ඇමරිකානු හමුදාවෙන් 90%ක් මේ වන විට ඉවත් වී ඇති බව අද දිනයේ වොෂින්ටනය විසින් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වීම ද විශේෂත්වයකි.
පෙර ලිපි
20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි
20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි!
විසි වසරක ඇෆ්ගන් යුද්ධය – ඇමරිකාව කුමක් කළේද?